කසිප්පු වලින් දුවන යතුරු පැදියක් …..

0
140

මේ ුඅපුරු පුවත වාර්ථා වන්නේ වෙන්නප්පුව නගරයෙනි.

කොළඹ හලාවත මාර්ගයේ දෙමටපිටිය හංදියේ ෆුල් පේස් හේල්මට් එකක් පැලද සිටි පුද්ගලයකි. ඔහු අසල ප්‍රෙසර් වර්ගයේ යතුරු පැදියකි.
හලාවත දෙසට යමින් සිටි මෝටර් රථයකි.
යතුරු පැදිය අසල සිටි පුද්ගලයා ඉතා බැගෑපත් ලෙසින් උදව්වක් ඉල්ලමින් මෝටර් රථයට අත අල්ලයි.
අකරතැම්බයකයට පත්වුවෙකැයි සිතා මෝටර් රථයේ රියදුරු ඒ අසල නවතයි. යතුරු පැදි කරු කියා සිටියේ යතුරු පැදියේ ඉන්ධන අවසන් ව ඇති නිසා රු 100 ක් උවමනා බවයි. දෙපාරක් නොසිතු මෝටර් රථයේ රියදුරු රු 100 ක් දෙයි.
කප්පරක් හොරුන් සිටින මේ සමාජයේ මේ තවත් ඩිජිටල් හොරෙක් දැයි සැක සිතු රියදුරා පසු පස කණ්නාඩියෙන් වරින් වර බලා ඇත්තේ දෙමටපිටියේ ඇති ඉන්ධන පිරවුම් හලට ඔහු යතුරු පැදිය රැගෙන යනවාදැයි කියාය.
එහෙත් අවසන් වරට කණ්නාඩියෙන් දැක ඇත්තේ මද දුරක් යතුරු පැදිය තල්ලු කළ අදාල පුද්ගලයා පසුව පෙර ලෙසින්ම පාර අයිනේ නැවති සිටින බවයි.
දැන් අපි මේ කථාවේ දෙවන කොටසට පිවිසෙමු.
මෝටර් රථයේ රියදුරා කොලින්ජාඩියේ පිහිටි තම හිතවතෙකුගේ නිවසට කලින් සිදුවිමට පැය භාගයකට පමණ පසුව පැමිණ තිබේ. අදාල හිතවතාගේ නිවස අසල රථය නවතන්නට සුදානම් වෙද්දි ඔහු දැක් තිබුනේ රු 100 ක් ඉල්ලා ගත් පුද්ගලයා තමන් රථය නවතා තැබු ස්ථානයට මීටර් 200කට එහායින් පිහිටි තැනක නවතා තිබු තමන් විසින් රු 100 ක ආධාරයක් ලබාදුන් යතුරු පැදියේ හිමිකරු එතැනින් නිමක්ම යන අයුරුය. තරමක කුතුහලයට පත් මෝටර් රථයේ රියදුරු තම හිතවතාට මීට පැය භාගයකට පෙර තමන් විසින් කරන්නට යෙදුන දානපති ක්‍රියාව ගැන කියමින් අසා තිබුනේ මීටර් 200 ක් එහායින් ඇති සෙනග ගැවසෙන තැන කුමක්ද කියාය.
මචං එතන කසිප්පු තිප්ෙපාලක්…..
ඉන්ධන නැතිව මහමග නවතාගෙන සිටි යතුරු පැදියේ පැමිණ තිබුනේ දෙමටගොඩ ඉන්ධන පිරවුම් හලට නොවේ.
මගේ හිතවතාගේ නිවස අසල පිහිටි කසිප්පු තිප්පොල වෙතය.