(10.30 am )කසුන් පුස්සවෙල යනු ඝාතකයන්ගේ සෙවනැලි තමා පසුපස එනු දැනෙද්දී පවා යුක්තිය වෙනුවෙන් පෑන මෙහෙයැවූ මාධ්‍යවේදියෙකි.
එපමණක් ද නොව පැවති ත්‍රාඩ දේශපාලන සංස්කෘතියට එරෙහිව නව දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් වැඩ කළ සහෝදරයෙකි.
ජනාධිපතිවරනයෙන් දින කීපයකට පසු කසුන් මට හමුවිය.අනුර සහෝදරයා වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔහු ලංකාවට පැමිණ සිටියේ ය.ඒ ඔහු මාලිමාවාදියෙක් නිසා නොව තමන් පෙනී සිට ශිෂ්ට දේශපාලන සංස්කෘතිය දිනාගැනීම වෙනුවෙනි.තමා කළ අරගලය මහපොළොවේ යථාර්ථයක් කරගත හැකි එකම දේශපාලන ව්‍යාපාරය අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාව බව ඔහු විශ්වාස කළ නිසා ය.
ඒ අනුව අපට ඇත්තේ කසුන් පිළිබඳ ගෞරවයකි.ඔහු තම මාධ්‍ය භාවිතයේ ගෞරවය දූෂිත දේශපාලන කඳවුරකට විකුණා දැමුවේ නැත.ඒ අරුතින් ලසන්තලා ගැන ලියමින් සජිත් ප්‍රේමදාසගෙන් සාධාරණ සමාජයක් බලාපොරොත්තු වූ ඇතැම් පත්තරකාරයන්ට වඩා කසුන් ඉන්නේ ආලෝක වර්ෂ දහස් ගණනක් ඉදිරියෙනි.
කසුන් සහෝදරය,
ඔබ ගැන අපට අපමණ ගෞරවයක් තිබේ.ඔබ ගෙනගිය සටන පිළිබඳ අවබෝධයක් ද තිබේ.ඒ සටන අපගේ ද සටනයි.යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔබට ඇති උවමනාව හා සමාන උවමනාවක් අපට ද තිබේ.අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාව යනු ඔබ පැතූ ඒ සිහිනයට ළඟ ම සහෝදරත්වය බව මම ඔබට අමුතුවෙන් කිව යුතු නැත.
එමෙන් ම මෙරට දූෂිත නිලධාරීතන්ත්‍රය ගැන ද ඔබට අමුතුවෙන් කිවයුතු නැතැයි සිතමි.අපරාධකාර දේශපාලනයත් ඊට රැකවරණ දෙන නිලධාරී මාෆියාවත් එකිනෙක පෝෂණය ලබමින් පවතින්නකි.
දේශපාලනය වෙනස් විය.එහෙත් අපරාධ සහ දූෂණ වලට රැකවරණය දුන් ඒ දූෂිත නිලධාරීන් එහෙමම ය.ඔවුහු අන පනත් හා ව්‍යවස්ථා ගැට වලට මුවා වී තවම පුරුදු ගමන යන බව පෙනේ.එය වෙනස් කළ යුතු ය.ඒ පිළිබඳ විවාදයක් නැත.
රාජපක්ෂලා මෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරීම ද අපගේ ක්‍රමය නොවේ.එහෙත් ලැබූ ජන වරමට අප වගකිව යුතුය.කෙසේ හෝ එය කරන බව ඔබට කියමි.එය මගහැර යාමේ දේශපාලනය අප අභ්‍යාස කළ දේශපාලනය නොවේ.
එබැවින් විශ්වාසයෙන් ඉන්න..අපේ පරම්පරාව මේක අවසන් කළ යුතුයි සහෝදරය..අපි උඹට ආදරෙයි
රවී සිරිවර්ධන