කළුවරට පෙම් බදින පුත්තලමේ මන්ත්‍රිලා….????

0
81

hector 1කළුවරට කෙනෙක් කැමතිය .තවකෙක් අකමැතිය . ඒ එහි ඇති භායානකත්වය නිසාය.
භය නොතෙරෙන්නේ මෝඩයන්ට පමණය………
කොච්චිකඩේ පාලම දැන් වසර ගණනාවක සිට පවතින්නේ කළුවරේය.පයින් ගමන් කරන අය සදහා වු පාලම් කොටසද කැඩි ගොස් බොහෝ කල්ය.
ඒ නිසාම මේ පාලම හරහා රාත්‍රි කාලයේ පයින් යන එන ජනයා පත්ව ඇත්තේ මහත් වු අසිරුතාවයකටය.
මේ පාලම දැන් ඉතා පැරණිය. එයට දැන් අලුත් එකක් එක් කරන්නට  හොදටම කල්ය.
එහෙත් ඒ වෙන තෙක් පාලම කළුවරේ තබා තිබිම හේතුවෙන් මතුව ඇත්තේ මරාන්තික තත්වයකි.
දිනපතා මේ පාලම හරහා පාර්ලිමේන්තුවට යන මන්ත්‍රිවරුන් කියක් සිටිද ?
මේ අයගෙන් බහුතරයක් පසුගිය මැතිවරණය සමය තුල තමන්ගේ නීති විරෝධි කට්අවුට් වලට පවා යොදා තිබුන අධි වෝලටියතායකින් යුතු ෆැලැෂ් ලයිට් මැතිවරණය නිමවිමෙන් පසුවත් මාස ගණන් යනතුරු තිබුණා අපට මතකය.
එහෙව් මන්ත්‍රිලා මේ පාලම කළුවරේ තබන්නේ ඔවුන් අදුරට පෙම් කරන නිසා නොවේද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here