‘කළු රංජිත් සුදු මිනිසෙකි’ කෘතිය අප්‍රේල් 05

0
197

එළඹෙන අප්‍රියල් 05වන දිනයේ දී මෙරට ප්‍රථම තරුණ පිබිදීම වූ 71 අරගලයට වසර 50ක් සපිරේ.      එම අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ රංජිත් දිසානායක හෙවත් ‘‘කළු රංජිත්’’ ගේ ජීවන අත්දැකීම් අළලා ජයසිරි අලවත්ත විසින් රචිත ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ කෘතිය 2021 අප්‍රියල් 05 වන දින සවස 03.00ට කොළඹ 07 ආනන්ද කුමාර්ස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.  

මුඛ්‍ය දේශනය පවත්වනු ලබනේ 71 අරගලයේ තවත් ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියසිරි කුලරත්න විසිනි.   නිදහස් අදහස් දැක්වීම් මහින්ද දේශප්‍රිය සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් පවත්වනු ලබන අතර ‘සත්සර ඇමතුම’ අජිත් කුමාරසිරිගෙනි.

  ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ කවිවර ප්‍රකාශනයකි.   ‘‘කළු රංජිත්’’ට ආදරය කරන සියලු දෙනාට ම එම අවස්ථාවට සහභාගි වන ලෙස ජයසිරි අලවත්ත ආරාධනය කර සිටියි.

164283055 3461058610665768 8677049082532515974 n