පසුගිය ජනවාරි පළමුවැනිදා ශ්‍රී ලංකා අහමදියා මුස්ලිම් ජමාත් සංවිධානය විසින් සංවිධානය කරන ලද මීගමුව වෙරළ උද්‍යානය පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් සංවිධානය කර තිබුණි.
මේ සඳහා කොළඹ, පස්යාල සහ මීගමුව අහමදියා ජමාත් ශාඛා සංවිධානවල තරුණ කණ්ඩායම සහ ජ්‍යෙෂ්ඨයන් එක්ව සිටියහ.
පසුගිය 31 මධ්‍යම රාත්‍රියේ අලුත් අවුරුදු උදාව සමරමින් වෙරළ තීරයේ දමා ගිය පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය එක්රැස් කර මලුවල අසුරා මීගමුව මහනගර සභාවේ සනීපාරක්ෂක අංශයට භාරදිමට ශ්‍රමදාන සංවිධාකයන් කටයුතු කර තිබුණි.
ජනවාරි පළවෙනිදා රජය විසින් දියත් කළ ක්ලින් ශ්‍රිලංකාව වැඩසටහනට දායක වෙමින් මෙම ශ්‍රමදානය සංවිධානය කළ බවත් ගිය වසරේද ජනවාරි පළවෙනිදා මිගමුවේ බිච් පාක් වෙරළ තීරය පිරිසිදු කිරිමට තම කණ්ඩායම කටයුතු කළ බවත් ප්‍රකාශ කර සිටියහ.
ඡායාරූප -එම්.ඉසෙඩ් .සහජාන්