ක්ෂණික ආහාර වලින් අපේ ශරීරයට ක්ෂණිකව ඇති වන අතුරු පල

0
3585

ක්ෂණික ආහාර එහෙම නැතිනම් fast food එහෙමත් නැතිනම් junk food (ජනක් ෆුඩ්) ශරීරයට අහිතකර විටත් බොහෝ දෙනෙක් දැනුවත් ව සිටින කාරණයක්. මේ මොනවා වුනත් කොච්චර මේ දේවල් ගැන දැනුවත් වුනත් ආපන ශාලාවකට ගොඩවෙන වෙලාවක උණු උණුවේ බර්ගර් එකක් රසවිඳීමට සිතෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට හිතෙන්නේ ඉඳල හිටලා මේ වගේ එකක් කෑවට මොකද වෙන්නේ. “මං හැමදාම කන්නේ පෝෂ්‍යදායි ආහාර. එක හින්දා එකදවසක් මේවගේ එකක් කෑවට මොකද වෙන්නේ” ඕගොල්ලොන්ටත් මෙහෙම හිතිලා ඇති. ඒත් ඇත්තම කතාව තමයි අධික ලෙස මේධය , පිෂ්ටය සහ කැලරි අඩංගු මෙවැනි ආහාර වේලකින් වුනත් ඔබට අහිතකර ප්‍රතිපල ඇතිවෙන්න පුළුවන් කියන එක. මේ වගේ ආහාරයක් ගැනීමෙන් දිනා නවයක් ඇතුලත අපේ ශරීරය තුල සිදුවන්නේ කුමක් දැයි අපි විමසා බලමු.

 

ඔබේ ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය අවුල් කර දැමීම.

හොඳ ක්‍රියාශීලි තරුණයන් 12 දෙනෙක් යොදාගෙන පරීක්ෂණයක් කළා. ඔවුන්ට දින 5ක කාලයක් පමණ හොඳ බර්ගර්ස්, සොසේජස් , වැනි කෘතීම ආහාර ලබාදුන්නා. ඔවුන්ගේ මාංශ පේශි වල ග්ලුකෝස් ශක්තිය බවට පත් කිරීමේ ක්‍රියාවලිය හීන වන ආකාරයක් දිස්වන්න වුණා. නමුත් ඔවුන් දිගටම මේ ආහාර අනුභව කළානම් ඔවුන්ගේ පරිවෘත්තිය ක්‍රියාවලිය අඩාල වීමේ ලකුණු හොඳින් පෙනුනා.

 

සැනෙකින් ඔබේ රුධිර නාල සිහින් කරයි.

මේවගේ අධික මේදය සහිත කෘතීම ආහාර රටාවලට පුරුදු වුනාම කොලේසටරෝල් වැනි රෝග වැළඳෙන බව ඔබ දන්නවා ඇති. නමුත් ඔබ දන්නවා ද ඔබ මෙවැනි ආහාරාවෙලක් ගත සැනින් ඔබේ ශරීරයේ ස්වභාවය වෙනස් වෙන බව ? බොහෝ වෙලාවට ඔබ වාහනයෙන් Drive thru එකෙන් ම ලබාගන්නා ආහාරවේලක් ගෙන පැය දෙකක පමණ කාලයක් ගතවන විට ඔබේ රුධිර නාලිකා 24%කින් පටුවනවා. මෙහි අර්ථය වන්නේ ඔබේ රුධිර පීඩනය ඉහල යන බවයි. මෙය පර්යේෂණාත්මක ඔප්පු වී ඇති අතරම ඔබ නිතරම මෙවැනි ආහාර වලට ඇබ්බැහි වුවෙකු නම් ඒ ගැන දෙවරක් සිතාබැලිය යුතුමයි.

 

ඔබේ මානසික ඒකාග්‍රතාව අහිමි වී යාම.

ඔබට ලැබෙන විවේක කාලයේ ආපන ශාලාවකට ගොඩවී මෙවැනි ආහාර වේලක් මිලදී ගෙන නැවත පන්තියට පැමිණ වැඩකරන විට ඔබේ අවධානය පාඩමෙන් ගිලිහෙන ගතියක් ඔබට දැනෙනවා ද ? සමහර වෙලාවට ඒ ඔබගේ කෘතීම ආහාරවේලේ ප්‍රථිපලයක් වීමට පුළුවන්. විද්‍යාඥයන් පිරිසක් මීයන් යොදාගෙන මෙවැනි ආහාර වේලක් දින නවයක් පුරාවට උන්ට ලබාදී කල පර්යේෂණයකින් මේ බව තහවුරු වී තිබෙනවා. මේ වන විට මේ පර්යේෂණය මිනිසුන් මතත් අත්හදා බැලෙමින් පවතිනවා.

 

ඔබට මහන්සි ගතියක් නැතිනම් ශක්තිය හිනාවු ගතියක් දැනේවි.

මේ ආහාර වල ගොඩක් වෙලාවට අඩංගු සිනි මට්ටම් ඉහල නිසා ශරීරයේ ඉන්සියුලින් ශ්‍රාවය වීමත් ඉහල යනවා. මේ නිසා ඔබේ සිරුරේ සෛල වලට සිනි උරාගැනීම ඉහල යන අතරම රුධිරයේ සිනි මට්ටම කෙටි කාලයක් තුල විශාල ලෙස පහල යනවා. මේ හේතුව නිසා ඔබට මහන්සි ගතියක් එහෙම නැත්තං අමුත්තක් දැනෙන්න පුළුවන්.

 

ඔබට ඔබේ දැකුම්කළු පෙනුම අහිමි වෙන්නත් පුළුවන්.

වාහනෙන් ම මුදල් ගෙවාගෙන ලබාගන්න ආහාර කාලයක් පුරා අනුභව කිරීමේ ප්‍රථිපලයක් විදියට ඔබේ උදරය නෙරා ඒම සිද්ද වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ සමේ මේධය තැන්පත් වීමත් ඉහල යනවා. අපි ආහාරයට ගන්න ඒ වගේ කසල ආහාර වේල් දිගටම මියන්ට ලබාදීලා කරපු පර්යේෂණයකින් ඔප්පු වුනේ ඒ සතුන්ගේ සමේ ප්‍රෝටීන වෙනස් වීමකට භාජනය වී ආසාත්මිකතා ඇතිවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවයි. මේ නිසා මෙවැනි අතුරු ප්‍රථිපල ඔබට ඇත නොවේයයි සිතීම විහිළුවකි.

 

ඔබේ මොලයේ රසායනික සංයුතියට බලපෑම්.

ඔබ පැණිරස කෑම වලට ඉතා ප්‍රියකරන පුද්ගලයෙක් ද ? ඒවා නැතුවම බෑ වගේ ද ? අධ්‍යන වලින් සොයාගෙන තිබෙනවා මේ ආහාර වලට ගිජු වුනාම opioids සහ dopamine කියන රසායනික සංයෝග මොළය තුල ශ්‍රාවය වෙනවා. මේ ඔබ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමක දී ශ්‍රාවය වන රසායනික සංයෝගමයි. එහි රසයට ඇලීම තෙල් සහිත ආහාරවල තෙල් ගතියට හුරුවීම මේ ගතිය තවත් වැඩිකරනවා.

 

ආහාර මාර්ගය ආශ්‍රිතව වෙසෙන බැක්ටීරියා වලටත් බලපෑම්.

මේ වගේ ආහාර දිගටම ගත්තම සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක හොයලා බලන්න මියන් යොදාගෙන කරපු තවත් පරීක්ෂණයකින් ඔප්පුවෙලා තියනවා මේ ආහාර වලින් අපේ ආහාර මාර්ගයේ ජිවත් වන බැක්ටීරියා ගහණය සීග්‍ර ලෙස වර්ධනය වෙන බව. ඒ අතර සමහරක් බැක්ටීරියා විශේෂ අපේ ආහාර මාර්ගය සහ මොලය අතර පණිවුඩ හුවමාරු වන ස්නායු වලටත් බාධා කරලා ආහාර නිසි ප්‍රමාණයට ගත් බව දැනුම් දෙන සංවේදන වලටත් බාධා ඇතිකරනවා කියලා හොයාගෙන තියනවා.

මේ දේවල් කියවලා බලල දැන්වත් ඕගොල්ලොන්නේ ආහාර පුරුදු වෙනස් කරගන්න බලන්න. නිකං සල්ලිගෙවලා ලෙඩවෙන්න කවුරුත් ආස නැති බව අපි දන්නවනේ. යාළුවන්ටත් කියවන්න Share කරන්න අමතක කරන්න එපා.

www.sira.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here