ක්‍රිඩා ඇමතිගේ නියෝගයට පිටින් මීගමු පාපන්දු ලීගයේ සභාපති ගෙදර රැස්විම් තියයි?

0
47

football NGBක්‍රිඩාව අද එහෙම පිටින්ම ක්‍රිඩකයන්ගෙන් ගිලිහි ගොස් ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන්ගේ  බුදලයක් බවට පත්වෙමින් තිබේ.
මීගමුව පාපාන්දු ලීගයේ සභාපති රංජිත් රුදිගු මහතා විසින් පසුගිය කාලය තුල ඔහුගේ හිතුමතේ අනුව පාපන්දු ලීගයේ කටයුතු මෙහෙයවමින් සිය නිවසේ රැස්විම් පවත්වමින් කටයුතු කිරිම අභියෝගයට ලක්කරමින් මීගමුවේ පාපන්දු සංගම් කිපයක නියෝජිතයන් ක්‍රිඩා ඇමතිවරයා හමුවි මීගමුවේ පාපන්දු ක්‍රිඩාව විනාශ කිරිම සදහා රංජිත් රුදිගු ක්‍රියාත්මක වන ආකාරය විස්තරාත්මකව පැහැදිලි කර දි තිබුණි.
මේහිදි ක්‍රිඩා ඇමතිවරයා අදාල බලධාරින් හට දන්වා තිබුනේ මීගමුවේ පාපන්දු ලීගයේ නිළවරණය නිදහස් හා සාධාරණව පැවැත්විමට සුදුසු වතාවරණයක් ඇතිකිරිමට පියවර ගන්නා ලෙසය.
එමෙන්ම ලීගයේ  කිසිදු රැස්විමක් එහි සභාපතිවරයාගේ නිවසේ නොපැවැත්විය යුතු බවද දන්වා තිබුණි.
එහෙත් මේ සියළු නියෝගවලට පිටින් යමින් සභාපති රංජිත් රුද්‍රිගු මහතා යළිත් නිවසේ රැස්විම සහ සාද පවත්වමින් ඇති බව වාර්ථා වේ.