ක්‍රිඩා තරගයකට වතුර විදින්න ගිනි නිවන රථයක් ගම්පහට අරන් ගිය නිළධාරිණිය කව්ද ?

0
84

fireමීගමුවේ ගිනිනිවන ඒකකයට අයත් ට්‍රක් රථයක් ඊයේ ගම්පහ පැවැති ක්‍රිඩා උත්සවයක් විචිත්‍ර කිරිම සදහා යොදවාගෙන තිබිම පිළිබදව පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්ථා වේ.
ඊයේ දිනයේදි ගම්පහ පාසැල් ක්‍රිඩා භුමියකදි පැවැති පළාත් පාලන ක්‍රිඩා උත්සවයක එකි අවස්ථාව විචිත්‍ර කරමින් වතුර විදිම සදහා යොදගෙන තිබුණි.
මේ සදහා මුලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් බවද සැලය.
මීගමුව වැනි ප්‍රධාන නගරයක පිහිටිම මෙන්ම අනිකුත් කරුණුද සැලකිල්ලට ගැනිමේදි ගිනි නිවන ඒකකය සැමවිටම සිරුවෙන් තැබිය යුතුව ඇති පසුබිමක එහි රථ මෙසේ ක්‍රිඩා උත්සවයක අලංකරණය සදහා යොදගැනිමට කටයුතු කිරිම වගකිව යුතු  රාජ්‍ය නිළධාරිණියකට වටිද යන ප්‍රශ්ණය දැන් පැන නැගි ඇත.
මිට පෙර මීගමුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින්ද පාපැදි තරගයක දි එහි පාපැදිකරුවන් සදහා වතුර ඇල්ලිමට මෙසේ ගිනිනිවන ඒකකයේ වාහනයක් භාවිතා කර තිබුණි.
මේ අනුව පෙනි යන්නේ දේශපාලන අධිකාරිය මෙන්ම මීගමුවේ පරිපාලන අධිකාරියද හිතුවක්කාර ලෙසින් කටයුතු කරන අයුරු නොවේද ?
තතු මෙසේ නම් මේවා පාලනය කිරිමට පියවර ගන්නේ කව්ද ?