ක්‍රීඩාපිටිය වසර 30 කට බදුදීමට මීගමුව නගරාධිපති මහසභා වාර්තා වෙනස් කරයි

0
127

“ගොරක දඩමස් බවටත්, දඩමස ගොරක බවටත් පත්කිරීමට වැද්දට හැකි බවට” පැරැණි ජනවහරේ කියමනක් ඇත. පොදු දේපල, ඉඩකඩම් පිළිබඳව මීගමුව මහ නගරසභාවේ පාලනයේ පවතින තත්ත්වයද මෙම කියමන හා සමාන වනබව ඒ පිළිබඳව විමසා බැලීමේදී පැහැදිළිවේ.
මේ පිළිබඳව ඊට එරෙහිව අද මීගමුව මහ නගරසභාව තුළින්ම කැරැල්ලක් මතුවෙමින් පවතී.

7 දෙනාගේ කල්ලිය යනුවෙන් හඳුන්වන නාගරික මන්ත්‍රී වරු 7 දෙනෙකු විසින් නගරාධිපති , නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කටයුතු කිරීමට පෙලගැසෙමින් සිටී.

කඩොල්කැලේ ක්‍රීඩාපිටිය සම්බන්ධව අදහස් දක්වන සංගීත් පෙරේරා මන්ත්‍රී වරයා සඳහන් කරන්නේ එය වසර 30 කට බදු දීමට මීගමුව මහ නගරසභාවේ නගරාධිපති තීරණය කර ඇති බවත් , එසේම ඒ සඳහා තුන්වන පාර්ශවයක් ද සම්බන්ධ කරගෙන කටයුතු කරන බවත් ඔහු පැහැදිළි කරයි .
මෙහිදී තුන්වන පාර්ශවයක් සම්බන්ධ කර නොගෙන සෘජුවම ක්‍රිකට් මණ්ඩලය සමග ගිවිසුම් ගතවී කටයුතු කරන ලෙසත්, සංශෝධන සහිතව එය ක්‍රියාත්මක විය යුතු බවටත් සංගීත් මන්ත්‍රී වරයා ඇතුළු පිරිස පසුගිය මහසභා රැස්විමේදි අදහස් ඉදිරිපත් කර ඇත .
විපක්ෂයේ ප්‍රගතිශිලි මන්ත්‍රිවරුන් විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නට යෙදුන කොන්දේසි කිසිවක් පසුගියදා පැවැති මහසභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අන්තර්ගතව තිබුනේද නැත.
දේශපාලකයන් වෙනුවෙන් පිටකොදු පිදගත් රාජ්‍ය පරිපාලන සේවයටත් නිගා දෙන දේශපාලකයන්ගේ වහලුන් ලෙසින් කටයුත නාගරික ලේකම් ඇතුළු පිරිසට මේ වන විටත් බරපතල චෝදනා එල්ලවි තිබේ.
මේ සඳහා තම පුද්ගලික වුවමනාව මත දැඩි උනන්දුවක් දක්වන නගරාධිපති වරයා සභා වාර්තාව පවා වෙනස් කරමින් තම පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බව ඔහු පැහැදිළි කරයි.
මේ අනුව පැහැදිළි වන්නේ මීගමුව මහ නගරසභාව ජනතා අවශ්‍යතාවය අනුව නොව පුද්ගලයින් කිහිප දෙනෙකු අතේ නැටවෙන ආයතනයක් බවට පත්වී ඇති බවයි.

සැම්සන් ඥානසිරි