ක්‍රීඩාවට හපන් නගර සභා සේවකයෝ

0
66
එම්.එච්. අබ්දුල්ලා බස්නාහිර පළාත් සභා මහඇමතිවරයාගෙන් කුසලානය ලබාගනිමින්

පසුගිය දා ගම්පහ  ශ්‍රී බෝධී ක්‍රීඩාංගනයේදී පැවති  පළාත් පාලන ක්‍රීඩා තරගාවලියේදී ගම්පහ දිස්ත්‍රික්  සමස්ත අනුූශුරතාවය  දිනා ගැනීමට මීගමුව මහ නගර සභා  ක්‍රීඩා කණ්ඩායම සමත් විය.  මෙම ක්‍රීඩා  උළෙලේ  දැල්පන්දු  ශූරතාවය දිනා ගැනීමට මීගමුව මහ නගරසභා දැල්පන්දු  කණ්ඩායම සමත්වූ අතර  මළල ක්‍රීඩා ඉසව් සදහා රන් රිදී ලෝකඩ පදක්කම් රැසක් ද දිනා ගැනීමට මිගමුව මහ නගර සභා කණ්ඩායම සමත් විය.
මෙහිදී වයස අවුරුදු 40න් පහළ හොදම ක්‍රීඩකයා ලෙස මීගමුව මහ නගර සභා කණ්ඩායමේ එම්.එච්. අබ්දුල්ලා සම්මාන ලැබීය.

2
මීගමුව මහ නගර සභා ක්‍රිඩා කන්ඩායම
මීගමුව මහ නගර සභා දැල්පන්දු කණ්ඩායම

එලෙසම දැල්පන්දු ශූරතාවය දිනූ මීගමුව මහ නගර සභා කණ්ඩයමේ  නායකත්වය දැරුවේ පියුම් වත්සලා මහත්මියයි. මෙහි පුහුණුකාරිය ලෙස කටයතු කලේ  අනුෂ්කා තුෂාරි මහත්මිය වන අතර මෙ ජයග්‍රහණය සදහා මීගමුව මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් රැවන්ති ප්‍රනාන්දු මහත්මියගේ දායකත්වය ද නොඅඩුව ලැබුණ බව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසයි.

තුෂාර රොහාන්

Save

Save

Save