කාමච්චෝඩයේ වීදි ලාම්පුව අනතුරේ

0
64
විනාශයට පත්ව ඇති පහන් කණුව

අද අලුයම මීගමුව කාමච්චෝඩයේ පොළ අසල  ඇති වටරවුමේ පිහිටා ඇති වීදි ලාම්පු
කණුව ලොරි රථ රියදුරෙකු විසින්  අනතුරට   ලක්කොට තිබේ.
ඓතිහාසික වටිනාකමක් ඇති මෙම වීදි ලාම්පුව  මීගමුවේ ඇති පැරණි වටිනාකමක් ඇති වස්තුවකි. මෙම වීදි ලාම්පුව ඇතුළු මේ ආකාරයේ වීදි ලාම්පු කණු 3 ක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර  මේවා අයත්වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය
අනතුරට ලක් වූ පසු මෙම වීදි ලාම්පුව අලුතින් ඉදිවෙන කාමච්චෝඩයේ පොළ අසලට ගෙන ගොස් දමා ඇති අතර  මේ වීදි ලාම්පුව නැවත ස පිළිසකර කර, සංරක්ෂණය කර එම ස්ථානටයේම   තැබිමට කටයුතු කළයුතුව ඇත්තේ එහි ඇති ථෙතිහාසික වටිනාකම සලකාය.
පසුගිය දිනක සුජායිල් මුනියර් පුරවැසි මාධ්‍යකරුවා විසින් මෙම විදුලි පහන ගැන මාධ්‍ය ඔස්සේ අවධාරණය කර තිබුණේ ගරාවැටෙමින් ඇති මේ පහන් කණුව කඩිනමින් පිලිසකර කළ යුතු බව පවසමිනි.. මේ පිළිබඳව මීගමුව මහ නගර සභාවේ අවධානය යොමුවිය යුතුය.

DSC05272(1)
DSC05273
DSC05275ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්