කාටත් අමතක වුනු ගාසා තීරය හරහා රතුපලසක්….

0
75

චිත්‍රපට උළෙලවල්, චිත්‍රපටයක මුහුරත් උළෙලක් තියන්න ලක්ෂ ගණන් වියදම් කරන ලෝකයක ජීවත්වන අතරතුර ඊට වඩා වෙනස් දෙයක් කලපනාකරපු කලාකරුවන් පිරිසකගේ ප්‍රයත්නයක් ගැන අපිට පසුගිය දවසක දැනගන්න ලැබුණා.
මේ පුවත අපට වාර්ථවන්නේ පලස්තීනයේ ගාසා නුවරින්. ඒ ගාසා තීරය හරහා රතුපලසක් එලීමේ පුවතක්. ජෝර්දානය කේන්ද්‍රකරගෙන පැවැත්වෙන ” Karama Human Rights Film Festival” තමන්ගේ මෙවර චිත්‍රපට උළෙල පැවැත්වීමට තෝරාගෙන තිබුණේ, පලස්තීනයේ ගාසා නුවරයි  Shuja’iyya නගරයයි.
එය එම කලාපයේ පවතින ඉතාමත් දුප්පත් හා ජනගහනයෙන් අධික නගරයක්. එලෙසම පසුගියදා ක්‍රියාත්මක වූ ඊශ්‍රායලයේ යුධමය ක්‍රියාදාමයකදී දරුණු පහර දීමකට ලක්වූ මෙන්ම විශාල පීරිසක් ඝාතනයට ලක්වූ ප්‍රදේශයක්.

අරාබි භාෂාවෙන් ” karama ” ලෙස හදුන්වන්නේ ගරුත්වය වන අතර, එය තේමා කරගනිමින් ඔවුන් උත්සහා දරා ඇත්තේ චිත්‍රපට නිශ්පාදකයන්ට, කලාකරුවන්ට, හා ක්‍රියාකාරීන්ට මානව හිමිකම් හා යුක්තිය තේමා කරගනිමින් තමන්ගේ අදහස් දැක්වීමට වේදිකවක් නිර්මාණය කිරීමයි. එලෙසම මේ හරහා ඔවුන් තවදුටත් උත්සහ දරා ඇත්තේ මානව හිමිකම් හා සම්බන්ද ප්‍රචණ්ඩත්වයන් වලට එරෙහිව ජනයාගේ දැනුවත්භාවය ඉහල නැංවීම හා එවැනි ක්‍රියාවන්ට විරුද්ධ වීමට ජනතාවගේ උනන්දුව වැඩිකිරීමත්ය.

ඔවුන්ගේ මේ උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා මෙම උළෙලේදී “I’m Human” , “Bagdad Messi”, “Roshmia” වැනි චිත්‍රපට රාශියක් ප්‍රදර්ශණය කර තිබුණ බවයි වාර්ථා වන්නේ.

 

CE1nYjqUIAAychY

 

17696_810408585695153_1737574670694123471_n

(Global voice ඇසුරිණි) සටහන- මිතිලායා ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here