කාටත් හොරෙන් නගර සභා ඉඩම බද්දට දුන්නේ කව්ද …. ?

0
34

MC-NGBමීගමුව මහනගර සභාවේ පිට්ටනියේ මේ දිනවල කාගේදෝ සේල් එකක වාහන කිපයක් නවතා තබා ඇත.
මේ ගැන කරුණු විමසා  බැලිමේදි දැනගන්නට ලැබුනේ දැනට දින කිපයක් තිස්සේ වාහන 10 කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙහි ගාල් කර ඇති බවය.
මේ ගැන අප නාගරික කොමසාරිස්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ කිසියම් ව්‍යාපාරිකයෙකුගේ අවශ්‍යතාවක් හේතුවෙන් මෙසේ වාහන ගාල් කර ඇති බවය.
ඔහුට අනුව නම් ඒ සදහා ඉඩ දි ඇත්තේ නගරාධිපති ඇන්ටනි ජයවීරය.
එහෙත් අපට දැනගන්නට ඇත්තේ මේ ව්‍යාපාරික හිතවතා නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ අයෙකි.,
මෙසේ නගර සභා භුමියේ ඉඩ වෙන්කර දි ඇත්තේ ද ඔහු විසිනි.
මේ ඇත්ත තත්වය නාගරික කොමසාරිස්වරයා ඇත්තටම නොදන්නේද ?නැතිනම් අගේට රගපාන්නේද ?
තීන්දුව බදුගෙවන ජනයා සතුය.

Save

Save