කාණු නඩත්තු නොකර ඩෙංගු මඩින්න හැකිද ?

0
226

කාණු ඩෙංගුමීගමුවේ කානු පද්ධතිය නිසිලෙස නඩත්තු නොකර මීගමුවේ මදුරු උවදුර නතර කල නොහැක. ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇති හොදම රෝහල ඇත්තේ මීගමුවේය. එය එසේම විය යුතුය. මක්නිසාදයත් එසේ නොවුනේනම් මීගමුවේ ඩෙංගු වැළදෙන බොහෝ දෙනෙකුට මිය යාමට සිදුවෙනවාය. කොටි ගණනාවක් මුදල් වැය කොට මීගමු නගරයේ සහ නගර සභාවට අයත් ප්‍රදේශ වල කානු පද්ධතිය සැකසුවත් ඒ කිසිම කාණුවකින් අපවිත්‍ර ජලය ගලා යන බවක් පෙනෙන්නේ නැත. එසේනම් මදුරුවන් බිහිවීම ගැන කුමක් නම් පවසන්නද. නගර සභාවෙන් ජනතාවගෙන් බදු අය කිරීමනම් ඉතා හොදින් සිදුවේ. එහෙත් මේ කානු පද්ධතිය නඩත්තු කිරීමක් සිදු නොවන්නේ මන්ද? තවත් දහස් ගණනක් ඩෙංගු රෝගීන් මීගමුවෙන් බිහිකර වාර්තාවක් තැබීමේ සැලැස්මක් කාට හෝ තිබෙනවාද යන සැකය ජනතාව තුල ඇත. අරුණ ශාන්ත නෝනිස් (අශාණෝ)