“කාදිනල් ධුරය හිසට ගන්න එපා!” – සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගෙන් නවක කාදිනල් හිමිවරුනට උපදෙස්.

0
188
pop 2ලබන පෙබරවාරි 14 වන දා පත් කිරීමට නියමිත කාදිනල් හිමි වරුන් 20 දෙනාට ලිපියක් යවමින් සුදොතුම් පියාණන්  මේ උපදෙස් දී තිබෙනවා..එම ලිපියේ මෙසේ ද සඳහන් වෙනවා:
” විශේෂයෙන් කාදිනල් ධුරය වෘත්තියේ පරිසමාප්තිය සංකේතවත් කරන තෑග්ගක් ලෙසත් බලයේ සලකුණක් ලෙසත්  ජනතාව සලක කළ, සේවය තුළ බැහැපත්කම රැකගැනීම  පහසු නොවේ. එහෙත් එවැනි අදහස් වලට ගොදුරු නොවීම සඳහා කාදිනල් හිමිවරුන් කැපවීමෙන් කටයුතු කල යුතුය. ඒ වෙනුවට  ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් වඩා ශක්තිමත් සාක්ෂියක් වනු පිණිස තමන් කැඳවනු ලබා ඇති බව ඔවුන් සිහිපත් කලයුතු ය.ඇතැම් විට කිතු සමිඳුන් වෙනුවෙන් ලේ සැලීම දක්වා වුවත් සාක්ෂි දැරිය යුතු ය.”