කාන්තාවක් සමඟ හොර කල්ලියක් අත්අඩංගුවට

0
85

මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ රාත්‍රියේදී   මිනිවන්ගොඩ ආඩිඅම්බලම ප්‍රෙද්ශයේදී පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සමඟ  ලක්ෂ 05ක් වටිනා රත්තරන්  සහ යතුරු පැදි හා කාර් රථයක්ද  අත්අඩංගුවට ගන්නා ලදී.  මෙම පුද්ගලයන් 05 දෙනා මිනුවන්ගොඩ,කුරුණෑගල , මලල්ලවිට,වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මේ අතර කාන්තාවක් ද වන අතර මෙම කාන්තාව මාර්ගයෙන් මංකොල්ලකෑම්  සිදුකිරීමට විවිධ උපක්‍රම පාවිච්චි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. මෙම වැටලීම මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලදී.

DSC04802

ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්