කාන්තාවන්ට අපහස කරමින් ලංසා කළ කථාව ගැන ජනපති රනිල්ගේ ප්‍රතිචාරය.?

0
633

නව සන්ධානයේ මංගල රැළිය ජා ඇල පැවැත්වුනා.පොහොට්ටුවේ කිපදෙනෙකුත් මේකට ඇවිත් තිබුනා.ඇමති නලින් තමයි මේක සංවිධානය කරල තිබුනේ.මෙම රැළියෙදි සන්ධානයේ නිර්මාතෘ යැයි කියන නිමල් ලංසා කාන්තාවන්ට පරිභව කරමින් කරපු අශෝබන කතාව සන්ධානයක මංගල රැළියකදි සිදුනොවිය යුතු දෙයක් කියල තමයි ලංසාගේ.වටේ ඉන්න යම්තරමක හෝ දේශපාලන ඉවක් තියෙන අය කිව්වේ.

හැබැයි මේක තමයි ලංසාගේ චාරය.මේ විදියටම තමයි 2015 ජනාධිපතිවරණය වෙලාවේ මිගමුවේ තිබුන අන්තිම රැස්විමේදි නිමල් ලංසා රනිල්ටත් මෛත්‍රීපාල සිරිසේනටත් බැන්නේ .කාන්තාවන් ඉස්සර තියාගෙන ඒ අයට අහන්න ඉන්න බැරිත⁣රමේ කැත කතා.ටිකක් එදා කිව්වා.

ඒ තමයි ලංසා.හුලන් අත බලල හැමදාමත් රුවල දාන්න හපනා.එදා රනිල්ට මෛත්‍රීට බැන්න ලංසා මෙන්න ⁣බොලේ මිගමුවේ පෝස්ටරයක් ගහනව අපේ සභාපති ජනපති මෛත්‍රීට සුබ පැතුම් කියල.

ලංසා පවුලට ආණ්ඩු බලයේ රැකවරණය නැතුව පැවැත්මක් නැ.ඒක දන්න ලංසා ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලැස්තියි.

දැන් මේ සන්ධාන අටවගෙන දුවන්නෙත් ඒ ව්‍යාපෘතියේම දිගුවක් හැටියට තමයි . හැබැයි ලොකු ටෝක් දාල තිබුනද එදා මංගල රැලිය ගැන ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරල තිබුනේ ඒ ගැන මෙහෙමයි

එසේම ලන්සාගේ රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් එක්වන බවට ලන්සා තැන තැන කතා පවත්වා තිබුණද ඔහුගේ රැලියට එක්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ‍සිවුදෙනෙකු පමණි.

රනිල් කියන්නේ කාන්තාවන්ගේ අයිතින් ගැන යම් උනන්දුවක් තියෙන ලිබරල් දේශපාලකයෙක් . එයාගේ බිරිදත් එහෙමයි . එහෙම පසුබිමක රනිල්ව මිළඟ ජනපති කරන්න හදල තියෙනව කියන සන්ධානේ මංගල රැස්විමේදි ජාතික ජනබලවේගයේ නායකයන්ගේ කාන්තාවන් ගැන කියපු කථා ඇත්තටම හිරිකිතයි
ජනපති රනිල් විතරක් නෙමෙයි මෛත්‍රි වික්‍රමසිංහත් මේ ගැන මොනව කියයිද ?