කානු සංවර්ධනයට මුවාවී පය බරවායට පිටිකර බෙහෙත් බඳින දේශපාලකයෝ.

0
142

IMG-20191017-WA0025 දළුපත, සමගි මාවතේ කානු දමා ජලය බැස යාම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පොහොට්ටුවේ පිරිසක් උත්සාහ දරන බවත්, මෙය ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීනි කාංචනා මහත්මිය විසින් කලින් යොදාගෙන තිබුනු ව්‍යාපෘතියක් හෙයින් ඒ පිළිබඳව මෙම දෙපාර්ශවය අතර තරඟයක් ඇති බවත් අපට වාර්තා විය. කෙසේ නමුත් මෙම කානු මගින් ජලය ගලායාමට සලස්වන්නේ තෙප්පම් ඇලටය. පසුගිය දිනවල පැවති වර්ෂාව නිසා මෙම තෙප්පම් ඇල උතුරා යාමෙන් ඇල අවට නිවාස ගංවතුරින් යටවී එම ජනයා පීඩාවට පත්විය . දැන් මේ අය සූදානම් වන්නේ සමඟි මාවතේ කානු හාරමින් මෙම ඇලට ජලය ගලායාමට සැලැස්වීමටයි.
මෙම පෙත්තම් ඇල දිගේ කසල හිරවීමෙන් සහ සමහරු කොන්ක්‍රීට් ලෑලි දැමීමෙන් වසා ඇත . මෙම ඇල අඩි 4 කට වැඩි පලලින් යුතු වන නමුත් සමහර ස්ථාන වලදී අඩි 1 1/2 ක් වත් නැති තරම්ය . ඒනිසා ප්‍රථමයෙන්ම විය යුත්තේ ප්‍රධාන ඇල වන පෙත්තම් ඇල සුද්ධ කිරීමයි . නමුත් ඒ වෙනුවට පොහොට්ටුවේ දේශපාලකයින් විසින් මෙකී කානු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.