කාපට් පාර නැවත කාපට් කිරිමට රු.ලක්ෂ 210 ක් ?

0
249

මීගමුව රුක්මණීදේවී මාවත, සහ  පන්සල පාර කාපට් කිරීමේ ව්‍යාපෘතිය  ආරම්භ කිරීමේ උත්සවයක් අද රුක්මණී දේවී මාවතේ දී පැවැත්විණි.  මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තන් පළාත් සභා
ප්‍රධාන අමුත්තා ලෙස ලිය අභිමන් සභාපතිනී නීතිඥ  පුෂ්පා රාජපක්ෂ  මහත්මිය , අමාත්‍ය නිමල් ලන්සා  මීගමුව නගරාධීපති ඇන්ටනී ජයවීර , මීගමුව නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සහභාගී වූහ.
මේ යටතේ රුක්මණිදේවි පාර සහ තම්මිට පාර කාපට් කිරිම වෙනුවෙන් රු ලක්ෂ 210 ක් වෙන්කරන බව එහිවු දැවැන්ත පුවරු වලද සටහන්ව තිබුණි.
මෙම උත්සවට පැමිණි සිටි ඇතැම් අය අතර කසුකුසුවක් විය. එනම් කලින් කාපට් කළ පාරක් නැවත් කාපට් කරන්නේ ඇයිද යනුවෙනි.
නම සදහන් කිරිමට අකමැති ආණ්ඩු පාක්ෂිකයෙක් පවසා සිටියේ මෙයට හේතු 2 කක් ඇති බවය.එනම් අතපිරෙන්න අවුරුදු කොමිස් සහ ඇමතිවරයාගේ අඹ යහළුවෙකුගේ නිවස මින් එක් පාරක පිහිටා තිබිමය.