කාමච්චෝඩයේ වීදි පහන් කණුව අයිති පුරාවිද්‍යාවට ද?

0
368

පසුගිය අප්‍රේල් 04 වනදා අලුයම රියදුරෙකු අතින්  අනතුරට ලක්වූ  කාමච්චෝඩයේ පොල ඉදිරිපිට පිහිටා තිබු වීදි පහන් කණුව   කුමන කාලයකට අයත් ද යන්න තවමත් නිශ්චිත තොරතුරක් නොමැති අතර මෙම වීදි පහන් කණූව අයත්වන්නේ කුමන දෙපාර්තමේන්තුවට දැයි ගැටළුවක් පැන නැගී ඇත. මේ පිළිබඳව විමසීමේදී මීගමුව නගර සභා  බලධාරීන් පවසා සිටින්නේ මෙම පහන් කණූව නගර සභාවට අයත් නොවන බවත් මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් බවයි. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කාර්යාලයෙන් විමසීමක් කළ විට දැනගන්නට ලැබුණේ එවැනි වීදි පහන් කණු ඔවුන්ගේ නඩත්තු ලයිස්තුවේ නොමැති බවයි. මේ වනවිට මේ ප්‍රෙද්ශයට අයත් කුළුනු වලින් නඩත්තු කරන ස්ථානය වන්නේ  කදවල පිහිටි කුළුන පමණක් බවත් එක් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
මේ වනවිට මෙම අනතුර සිදුකර  ඇති වාහනය මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර  මේ පිළිබඳව පරීක්ෂණයක් අරඹා නොමැත. මත්ස්‍ය ප්‍රවාහනයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෙම වාහනය අයිතිවන්නේ  කුදිප්පාඩුවේ පුද්ගලයෙකුට බවද වාර්තා වේ.DSC05272(1)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here