කාමරයක් තුල පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි ?

0
57

බොරලැස්ස මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවසේ ඇතුල් කාමරයක රහසිගතව කාලයක සිට පවත්වාගෙන ගිය නිතිවිරෝධි කසිප්පු පෙරුම් ස්ථානයක් වටලා එම නිවසේ හිමිකරු හා කසිප්පු තොගයක් 16 වෙනිදා දහවල් අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණේ මිරිස්සන්කොටුව ප්‍රදේශයේ 56 හැවිරිදි පදිංචි කරුවෙකි මෙම පුද්ගලයා කලක් පෞද්ගලික අරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිට එයින් ඉවත් වි මෙම කසිප්පු නිෂ්පාදනයට යොමු වි ඇති බව පොලිසිය කීය එම ස්ථානයේ තිබි කසිප්පු ඩ්‍රෑම් 760 ක් අඩංගු කසිප්පු බෝතල් 95 ක් කසිප්පු පෙරිමට භාවිතා කරන ගෝඩා ඩ්‍රෑම් 400ක් සමග තඹ දඟරයක් විශාල ප්‍රමාණයේ බැරල් 2ක් අත් අඩංගුවට ගත්බව පොලිසිය පවසයි මූලස්ථාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් ලියනගේ කොස්තාපල් 64618 රූපවංශ 60568 සනීර යන නිළධාරින් මෙම වැටලීම සිදු කර ඇත මෙම ස්ථානයේ සිල්ලරට ගැනුම් කරුවන් වෙනුවෙන් කිසිප්පු අලෙවි කිරිම මෙන්ම තොග ලෙස පිට ප්‍රදේශවලට කසිප්පු බෙදා හැරි බවට මූලික පරික්ෂණ වලදි තහවුරු වු බව පොලිසිය කිය සැකකරු හා භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
චන්දන ප්‍රනාන්දු kassippu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here