කාර්දිනල්තුමෙනි, මීගමුවේ කළු සල්ලිකාරයන්ගේ අනුග්‍රහයෙන් ස්ථාපිත කළ මේ ප්‍රතිමාව ගැන මොකද කියන්නේ ?

0
147

clock-tower-and-the-statue-2පසුගිය අප්‍රෙල් මහසභා රැස්විමට නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබුණි.
ඉන් එකක් වන්නේ එකක් වන්නේ මීගමුව දුම්රිය ස්ථානයේ ඇති ප්‍රතිමාව අලුත් වැඩියා කිරිම සදහා උදව් ඉල්ලිමින් තිල්ලන්දුව පල්ලියේ පියතුමා විසින් ඉදිරිපත් කර ඇති ලිපියකි.
අනික වන්නේ පුංචි රෝමය ආරක්ෂා කිරිම සදහා වු යෝජනාවකි.

එයට අනුව මීගමුව ප්‍රදේශයේ ආගමික ආරක්ෂාව හා රැකගැනිම තහවුරු කරගැනිම සදහා මීගමුවේ කතෝලික පියතුමන්ලා විසින් දායන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත එවා ඇති ලිපියකි.

ඉන් ඉල්ලා ඇත්තේ පුංචි රෝමය ආරක්ෂා කරගැනිම සදහා නගර මධ්‍යයේ ඔරලෝසු කණුවේ මුදුනතෙහි  මරිය මව්තුමියගේ  ප්‍රතිමාවක් කෙලින් විදියට මුහුණ ලා ඉදිකරන ලෙස කරන ලද ඉල්ලිමකි.
මේ අතර ලෝකයේ සමස්ථ කතෝලික සභාව වෙත වරක් පාප්තුමා ප්‍රබල ප්‍රකාශක් කර තිබුණි.
එනම් අයථා මාර්ගවලින් මුදල් හරි හම්බකරගත් අයගෙන් හෝ එවැනි කලු සල්ලි කිසිසේත්ම කිතුණු සභාවේ දේවල් සදහා යොදා නොගන්නා ලෙසය.
(උපුටා ගැනිමකි)
ඉතින් මැල්කම් කාර්දිනල් තුමෙනි දැන් ඔබ මේ ගැන කියන්නේ කුමක්ද ?
මීගමුව නගරයේ කුප්‍රකට කළු සල්ලිකාරයන්ගේ උදව්වෙන් ස්ථාපිත කළ මේ ප්‍රතිමාව ගැනත් කියන්න ,