කාර්දිනල්හිමිගේ ප්‍රකාශයට දේශපාලන අර්ථකථන දෙන්න එපා – සිරිල් ගාමිණි පියතුමා.

0
253

කාදිනල් හිමියන් ඉකුත් පාස්කු ඉරුදින කළ ප්‍රකාශයට දේශපාලනික අර්ථකථන නොදෙන ලෙස කතෝලික සභාව ඉල්ලා සිටින බව අද දෙරණ වාර්තා කර තිබේ.ඒ ගරු සිරිල් ගාමිණී පියතුමා ඊයේ දිනයේ (08) කළ විශේෂ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
එහිදි සිරිල් ගාමිණි පියතුමන් කියා තිබුනේ දේශපාලනිකව කිසිවකුට පහරගැසීමේ අදහසින් කාදිනල් හිමියන් එම ප්‍රකාශය සිදු නොකළ බවය.

“උන්වහන්සේගේ එම ප්‍රකාශය තුළ කිසිම විදිහක දේශපාලනිකව කිසිවෙකුට පහර ගසන්නට අදහසක් තිබුණේ නෑ. මේ පාස්කු ප්‍රහාරය ජාතික අපරාධයක් හැටියට අපි දකින්නේ. මේ තර්ජනය තාමත් ඒ විදිහටම තියෙනවා.”
සිරිල් ගාමිණි පියතුමන්ගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ කතෝලික සභාවේ මෙන්ම ජනයාගේ ආරක්ෂාව ගැන තර්ජනය තවදුරටත් පවතින බවය.
මේ අතර කාර්දිනල් හිමියන්ගේ පාස්කු ඉරුදින ප්‍රකාශය පිළිබදව හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ සිනාසෙමින් කියා තිබුනේ එතුමන්ගේ ප්‍රකාශය ගැන කණගාටුවෙන බවය
අමරවිර ඇමතිවරයා කියා තිබුනේ කාර්දිනල් හිමියන් මිට වඩා සැලකිලිමත් වෙලා මේ ප්‍රකාශය කළා නම් හොද බවත් ඒ ප්‍රකාශය එතරම් වැදගත් නැති බවත් අධිකරණ ක්‍රියාමාර්ගය වඩා වැදගත් බවත්ය.
එමෙන්ම ශ්‍රිලනිප මහලේකම්වරයා ඇමති දයාසිරි ජයසේකර කියා සිටියේ මේ ප්‍රකාශය තුල විශාල දේශපාලනයක් ඇති බවය.
කෙසේ වෙතත් කාර්දිනල් හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුලද දැඩි විවේචන ඉදිරිපත් තිබුන අතර ඒ බොහොමයකදි කියැවි තිබුනේ කාර්දිනල් හිමියන් කිසියම් පාර්ශවයක දේශපාලන උවමනාවක් නියෝජනය කරන බවය.