කාර්දිනල් හිමිගේ ප්‍රකාශ කිතුදහමේ පදනමට එරෙහිව යාමක්!

0
103

Screenshot_20190724_012416සරත් ඉද්දමල්ගොඩ පියතුමා යනු මීගමුවේ ඉඩම් නිවාස අහිමි ජනයා බලගන්වා තමන්ට යැයි ඉන්නට තැනක් හදාගන්නට වසර ගණනාවක් පුරාම අරගල කල ජනයාට නායකත්වය දෙමින්  සිය පූජක ජිවිතය කැප කළ ජේෂ්ඨ පියතුමෙකි.මේ දිනවල කාර්දිනල් හිමියන් විසින් කරන්නට යෙදුන ඇතැම් ප්‍රකාශ දැනටමත් රටතුල මෙන්ම විශේෂයෙන්ම ප්‍රගතිශීලී කිතුණුවන් තුල අර්බුදයක් මතුකරතිබේ.එතුමන් විසින් සිංහලයන් එක්විය යුතුයි යනුවෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශය ගැන සිය ස්ථාවරය ලකුණු කරමින්  සරත් ඉද්දමල්ගොඩ පියතුමා අවධාරණය කරන්නේ කාර්දිනල් හිමියන් සිංහලයන් එකතුවිය යුතුයැයි කරන ප්‍රකාශය කිතුණු පදනමට එකඟ කරුණක් නොවන බවය.සිය මුහුණු පොතේ සටහනක් තබමින් එතුමන් මේ අදහස් මතුකොට තිබේ.මේ සමාජය සැබැ දේව රාජ්‍ය ගොඩනැගිම සදහා ඉද්දමල්ගොඩ පියතුමා සිය ජිවිත ආදර්ශයෙන්ම පෙන්වා ඇති අතර කිසිදු දිනක පටු දේශපාලන වාසි තකා සිය පූජකවරය අවභාවිතාවේ යොදවා නැත.සැබැවින්ම කියන්නේ නම් දුප්පතුන්ගේ සභාවක් ගෙඩනැගිම කරා යන කිතුණු අරගලය තුල ඉද්දමල්ගොඩ පියතුමා සිටින්නේ කාර්දිනල් හිමියන්ට වඩා ගව්ගානක් ඉදිරියෙනි.