කාර්දිනල් හිමිටත් දැන් අමතක පාස්කු ප්‍රහාර ගැන හෙටත් විරෝධතා

0
106

පාස්කු ප්‍රහාරයට හෙටට ( 21) මාස 27 ක් පිරෙයි . බහුතරයකට දැන් ඒය අමතකය. මේ රජය බලයට පැමිණිමට මේ ගැන කෑ මොර දෙමින් වැලලෙන්නට ගිය බොහෝ දෙනෙකුටද දැන් මේ ඛේදවාචකය අමතකය.
කාර්දිනල් හිමියන් ඇතුළු නිල කතෝලික පල්ලිය විසින් පසුගිය කාලය කෑ ගසු සටන් පාඨ අද ඇත්තේ පසුගිය කාලයේදි පල්ලි අසල ඉල්ලා තිබුණ අව්වට වේලි පාට යමින් ඇති බැනර් වල පමණය.
ඒහෙත් සිය අදරැතියන් අහිමිවු සැම අදටත් හෙටටත් මේ වෙනුවෙන් වැලපෙති.
පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාවක් නැතැයි කියමින් රට ආරක්ෂා කිරිමට පැමිණි දේශපාලකයන්ට දැන් කියන්නේ තවත් වසර 5 ක් ඉන්නට අවැසි බවය.
දැන් සියල්ල පැහැදිලිය.
මේ පසුබිම හෙටත් ( 21) කොළඹ හලාවත පාරේ කටුවාපිටිය පල්ලියට යන හංදියේ විරෝධාතාවයක් පැවැත්වේ . ඒ් මිගමුවේ සිවිල් ක්‍රියාකාරින් සහ ප්‍රගතිශිලි ආගමික නායකයන්ගේ මුලිකත්වයෙනි .