කාර්දිනල් හිමි ඉර පනියි ?

0
79

cardinalකාර්දිනල් හිමියන් ඊයේ දිනයේ මියගිය අය සිහිකරමින් පැවැත්වු  දිව්‍යපුජාව තුල කොළයක් බලාගෙන කියන්නට යෙදුන ඇතැම් දේශපාලන ප්‍රකාශයන් පිළිබදව රාජපක්ෂවාදින් සතුටින් ඉපිල ගොස් තිබේ.
ඒ නිසාම බුකිය පුරා කාර්නල්හිමිගේ පක්ෂපාති දේශපාලන ප්‍රකාශයන් මේ වන විට රාජපක්ෂවාදින් විසින් අතුරමින් තිබේ.

කෙසේ වෙතත් කාර්දිනල් හිමියන් ඉරපැන ඇති ආකාරය අද දිනයේ එතුමන්ට එරෙහිව මුහුණ පොත තුල ලැබෙමින් තිබෙන ප්‍රතිචාර වලින් දැක්වේ.
එපමණක් නොව ජනපති සිරිසේන විසින් කාර්දිනල් හිමියන් හට නියම දේශපාලන පිළිතුරක්ද ලබා දි තිබේ.

කාර්දිනල් හිමි මානවහිමිකම් විරෝධියෙක්ද ?

කාර්දිනල් හිමියන්ගේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානයට සිය විරෝධය පසුගිය කාලය තුල පෙන්නුම් කිරිමෙන් පෙනි යන්නේ එතුමන් මානව හිමිකම් සුරකිමට එවැනි සංවිධානයන් අවැසි නොවන බව විශ්වාස කරනවා කියාද?කතෝලික සභාවේ නායකයා වන ප්‍රැන්සිස් පාප්තුමන්ට නම් ඇත්තේ යුධ වදින ජාතින් අතර ගොස් දෙපා සිඹ සාමය මානව හිමිකම් ගරුකරන්නැයි ඉල්ලා සිටිය හැකි හදවතකි. එතුමන්ගේම ශ්‍රිලංකික නියෝජිතතුමන්ගේ දහම සහ පාප්තුමන්ගේ දහම කොයිතරම් නම් පරස්පරයි වගේද ?
ජනපති සිරිසේන විසින්ද අද දිනයේ ඔහු කරන ලද ප්‍රකාශයක් හරහා පාපවහන්සේ අගයා තිබුණි.ලොව පුරා විසිර ඇති සමස්ථ කිතුණු සභාවන් තුල ඇති අනිවාර්ය අංශයක් වන්නේ යුක්තිය හා සාමය වෙනුවෙන් කරනු ලබන මැදිහත්විමය (Justice and peace) තතු එසේ වෙද්දි කාර්දිනල් හිමියන් ගේ ප්‍රකාශය එහෙම පිටින්ම යුක්තිය හා සාමය පිළිබදව කිතුණු සභාවේ ඉගැන්විම් වලට පටහැනිය.එය සමිප වන්නේ රාජපක්ෂලාගේ මතවාදයටම පමණි.

කාර්දිනල් හිමියන් NGO විරෝධියෙක්ද ?

ලෝකය පුරා ඇති වැඩිම රාජ්‍ය නොවන ආයතන අයත් වන්නේ කතෝලික පල්ලිය වෙතය.කරිටාස් සෙත්සරණ සෙඩෙක් මේවා සියල්ල වැටෙන්නේද ඒ ගනටය.ඒවාට මුදල් ලැබෙන්නේද කතොලික් රාජ්‍ය නොවන සංවිධාන හරහාය .ඇත්ත එය නම් කාර්දිනල් හිමියන් මේ දොඩවන්නේ මොනවාද ?

වලන්කාරයාගේ වැඩ පොලුකාරයට එක දවසයි

සැබැවින්ම කතෝලික සභාව  අප්‍රෙල් 21 න් පසුව රටතුල සංහිදියාව වෙනුවෙන් දැවැන්ත දුත මෙහෙවරයක නියැලුනේය.එසේ වුවද ඊයේ දිනයේ කාර්දිනල් හිමියන් විසින් කරන්නට යෙදුන පැහැදිලි දේශපාලන ගැති ප්‍රකාශයන් හේතුකොට ගෙන  වලංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි යන කියමන සනාථ කරමින් උන්වහන්සේ ඊයේ ක්‍රියාකොට තිබුණි.