ගුවන් යානයේ මගීන් 471 ක් සහ කාර්ය මණ්ඩලය 30 සිටි බව වාර්තා වෙයි.
අදාළ ගුවන් යානයෙන් හදිසි සංඥා ලැබීමත් සමගම ගුවන්තොටුපොළ මගීන්ගේ ආරක්ෂාව සහ පහසුකම් සැපයිමට සුදානමින් සිටි බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
මේ මාසය තුල පිට පිටම ඒ 380 වර්ගයේ යානයක් කටුනායකට ගොඩබැස්සවු දෙවන අවස්ථාව මෙය ලෙස වාර්තා ගත වනු ඇත.
ජුනි මාසය තුල මීට පෙර වතාවක ඒ ගොඩබැස්සවිම සිදුකර තිබුනේ යානයේ සිටි මගියෙකු හදිසියේ හෘදයාබාධයකින් පෙළිම නිසාවෙනි.
කෙසේ වෙතත් ශ්‍රි ලංකා ගුවන්තොටුපල ඉතිහාසය තුල ඒ 380 වර්ගයේ යානාවන් ගොඩ බැස්සු 4 වන අවස්ථාව මෙය වේ.
මේ වන විට යානයේ සිටි සියළු මගීන් සඳහා ගුවන්තොටුපොළ ආසන්නයේ ඇති හෝටල්හි නවාතැන් පහසුකම් සපයා ඇත.
සටහන – ප්‍රසාද් මුතුකුඩ