කාවින්දගේ ප්‍රබල අධාරකරුවෙක් පල්ලිය ඇතුලේ යකා නැටුවා ? පියතුමාත් ලොකු වැරැද්දක් කළා ?

0
185

bolawalan churchමීගමුව බෝලවලාන පල්ලියේ ලේකම්වරයෙකු පත්කරගැනිම සදහා පැවැති ඡන්ද විමසිමෙන් පසුව එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධනගේ ප්‍රබල අධාරකරුවෙකු වන ප්‍රියන්ත නැමැත්තා පියතුමාගේ අතට පහරක් එල්ල කර තිබුනේ එතුමන් අත වු ලේකම් තේරිමේ ඡන්ද ප්‍රථිපල කොල බිමට වැටෙන සේය.
දෙව්මැදුරක් තුල වු මේ අශෝභන සිදුවිම ගැන මිපුර වෙත අදහස් පළකරමින් බොහෝ දෙනෙකු කියා සිටියේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා මෙවන් ආධාරකරුවන් ගැන වහා තින්දුවක් ගත යුතු බවය.
මේ අතර තවදුරටත් අදහස් දක්වමින් එක් අයෙකු කියා සිටියේ මේ ඡන්ද විමසිම සිදුකරන ලද ආකාරය මීසම් සේවක පියතුමාද වැරැද්දක් කර ඇති බවය.
පල්ලිය තුල වු මෙම තත්වය සමබන්ධයෙන් කතෝලින සභාවේ ඉහල නායකත්වය වහා දැනුවත් කළ යුතුව ඇතැයිද මිසම් සභාවේ ජේෂ්ඨයෙකු කියා සිටියේය.එමෙන්ම මෙහිදි ඡන්දයට ඉදිරිපත්ව පරාජයට පත්වු අය මීගමුවේ ප්‍රබල එජාප ජේෂ්ඨ ක්‍රියාකාරිකයෙකු බවත් ඔහු කාවින්ද ජයවර්ධන මහතාගේ පිළේ අයෙකු නොවන බවත් කියා සිටින ලදි.
එහෙත් ලේකම් ඡන්දයේදි අශිලාචාර ලෙස හැසිරෙමින් පරාජයට පත්ව  අයගේ පැත්ත ගෙන කටයුතු කර තිබුනේ ප්‍රබල කාවින්ද වාදියෙකුය.
මීගමුව ආසනයට පාර්ලිෙම්න්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාව පත්කරගත යුතුයැයි කියමින් මේ දිනවල විවිධ මත ප්‍රචාරය කරමින් සිටින අයගැන මිපුර අමතා කථා කළ ජේෂ්ඨ ප්‍රබල එජාප ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ දේවස්ථානයක් තුල හැසිරෙන්නට නොදන්නා ආධාරකරුවන් කරපින්නාගෙන යන්නට සිදුව ඇති  කාවින්ද ජයවර්ධන මහතාට දෙයින්ගේම පිහිට බවය.