කාවින්දගේ ලංසාගැතිකම නිසා සකාවුල්ලා හංස පෙරමුණු වේදිකාව මගහරියි !

0
80

nimal - kavindaමීගමුවේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ රැළියේදි සජිත් ප්‍රේමදාසගේ ජයතහවුරු කිරිම සදහා ප්‍රබල සිදුවිම් දෙකක් විමට නියමිතව තිබුණි. එනම් මිගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් එම වේදිකාවට නැගිම සහ ශ්‍රිලනිප සම සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රි එම්.සාකවුල්ලාද ඊයේ රැළියේදි එජාපයට එක්විමට නියමිතව තිබිමයි.
සකාවුල්ලාට පොහොට්ටුව එපාවු ප්‍රධාන කරුණ වි තිබුනේ ලංසා පවුලේ කුමන්ත්‍රණකාරි දේශපාලනයයි . ඒ නිසාම පසුගිය කාලය තුල දේශපාලන නිහඩ බවක සිටි සකාවුල්ලා ඊයේ දිනයේ මීගමුව රැළියේදි එජාපයට එක්විමට නියමිතව තිබුණි.
එහෙත් ඊයේ දිනයේ සිදුවිම් 2 කක් මේ සදහා තිරාණාත්මකව බලපා තිබුණි. ඉන් එකක් වන්නේ මීගමුවේ හිටපු සංවිධායක රොයිස් විජිත විසින් සජිත් ප්‍රේමදාසට ජයතහවුරු කිරිම පිලිබදව සැකසුන බැනරයක් රැස්විම් භුමියේ සවිකිරිමට රොයිස්ගේ ආධාරකරුවන් කටයුතු කිරිමේදි එයට කාවින්ද පිළ විසින් බාධා පැමිණිම සහ ඉන් නොනැවති පොලිසියටද දැනුම් දි ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුට ගැනිමට සුදානම් විමයි.මේ නිහින ක්‍රියාව විසින් කාවින්ද යනු කවර ගනයේ අයෙකු දැයි යළිත් වරක් සමාජ ගත විය.
අනෙක් කරුණ වන්නේ කාවින් ජයවර්ධන පසුගිය දිනවල පැවැති කිසිදු මැතිවරණ රැස්විමකදි ලංසා පවුල මික් කිවේ නැත. මිගමුවේ සිදුවන පට්ට අසාධාරණයන් දුෂණ වංචා ගැන කෙල පිඩක් හෙලුවේ නැත.
ඒ කාවින්ද ගේ ලංසා ගැතිකම නිසාමය. ඊයේ දිනයේ හංස රැළියට එක්විමට සිටි සකාවුල්ලා විසින් වේදිකාවේ කථාවක්ද ඉල්ලා තිබුණ අතර එහිදි ලංසා පවුලේ සියළු වංචා දුෂණ ගැන ප්‍රබල හෙළිදරව්වක් කිරිමටද නියමිතව සිටි බව කියැවේ.
කෙසේ වෙතත් කාවින්දගේ ලංසා ගැතිකම මත එවන් කථාවක් කිරිමට ඉඩක් පවා ලැබේදැයි යන සැකය එයට එක්විමට සිටි සකාවුල්ලාට ඇතිවුණි නම් එයද සාධාරණය.මන්ද ඊයේ කාවින්ද විසින් කරන්නට යෙදුන කථාවේදි නිමල් ලංසා හෝ දායන් ලංසාේ අමන නගර පාලනය ගැන එකදු වචනයක් කථා නොකිරිමය.
ඉන් කියැවෙන්නේ කාවින්ද කොයිතරම් නම් ලංසා පවුලට ගැතිද යන්නයි.
ඉතින් කාවින්ද ලංසා සන්ධානය හේතුවෙන් මිගමුවේ ජයග්‍රහණයට තවත් මුස්ලිම් ජනයාගේ ඡන්ද එක්කරගැනිමට තිබුණ තවත් අවස්ථාවක් මෙසේ ගිලිහි ගොස් තිබේ.