කාවින්ද ඇතුළු මිගමුවේ දේශපාලකයන්ටත් කොකේන් අභියෝගය !

0
79

මැල්කම් සහ කාවින්දමිගමුව කිතුණු පුරයකි.
එය මත්කුඩුවලින් වනසාලන්නට ඉඩදෙන්නේ නැතැයි කියමින් පසුගිය කාලය තුල කාර්දිනල් හිමි ඇතුළු කතෝලික පල්ලිය ප්‍රබල විරෝධතාවයක නිරතවිය.
( මෙම විරෝධතාවලට අතදිගහැර ලංසා පවුල විසින් මුදල් වියදම් කිරිම වෙනමම කරුණකි.)
කෙසේ වෙතත් මිගමුවේම ඉපදුණු කිතුණුවකු වු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් කොකේන් භාවිතා කරන දේශපාලකයන් ගැන ප්‍රබල හෙළිදරව්වක් කළේය.
දැන් එය විවෘත අභියෝගයකි.
රන්ජන් රාමනායක විසින් තමන් කිසිදිනක කෝකෙන් භාවිතා නොකළ අයෙකු ලෙසින් වෛද්‍යමය සාක්ෂි පවා දැන්  ඉදිරිපත් කොට තිබේ.
දැන් මේ අභියෝගය මිගමුවේ අනෙකුත් කිතුණු දේශපාලකයන් සැමටද  විවෘතව පවති.
විශේෂයෙන්ම කාර්දිනල් හිමිගේ විශේෂ නියෝජිතයෙකු යැයි ඔහුගේම අය විසින් කියන පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධනට  මේ විවෘත අභියෝගය  දැන් සෘජුවම එල්ල වි පවති.
ඊයේ බෝලවලාන ප්‍රදේශයේදි කාවින්ද ජයවර්ධනට දුන් අළුත් සංවිධායකධුරයට එරෙහිව පැවැති විරෝධතාවකදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් රොයිස් විජිත කියා සිටියේ කොකේන් අභියෝගයට කාවින්ද භය නැතිනම් කථානායකවරයාට වහාම අදාල වාර්ථා ඉදිරිපත් කළ යුතුව ඇති බවය. එහෙත් කාවින්ද බය නිසා එසේ නොකරන බවද ඔහු එහිදි අවධාරණය කර සිටියේය.
කෙසේ වෙතත් කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයායට දැන් මේ අභියෝගයෙන්  ගැලවි යා නොහැකි තත්වයක් මතුව තිබේ.
මිගමුව නව එජාප සංවිධාකයා ලෙසින් ඔහු මෙයට මුහුණ දිය යුතුව තිබේ.
මිගමුවෙන් බිහිවුණු ප්‍රබල දේශපාලකයෙකු වු රන්ජන් රාමනායක තමන් කිසිසෙත්ම කොකේන්වලට සම්බන්ධයක් නැතැයි දැනටමත් ඔප්පු කර තිබේ.
ඔප්පු කර තිබේ.
දැන් කාවින්ද ජයවර්ධනද මේ අභියෝගය භාරගත යුතුව තිබේ.