කැඩුන තැන් එක්මනින්ම හදන බවට RDA එකෙන් පොරොන්දුවක් !

0
153

 

              පසුගියදා ඇති වූ වර්ෂාවට පසු සහ වර්ෂාවට කලින් සිටම මීගමුව ප්‍රදේශයේ ප්‍රධාන පාරවල්වල තාර සහ ගල් ගැලවී විශාල වලවල් සෑදී ඇති ආකාරය දැක ගන්නට ලැබුණි.  විශේෂයෙන්ම මීගමුවේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන ආසන්නයේම ඇති පුධාන පාරවල් සමීපයේම මෙලෙස වලවල් සෑදී ඇති ආකාරය දැකගැනීමට හැකිය.

                      මීගමුව කොළඹ ප්‍රධාන පාරේ සම්පත් බැංකුව අසල සහ ලාෆ් සුපිර් මාර්කට් ආසන්නයේද ,එලෙසම ප්‍රධාන පාරේ තවත් ස්ථාන කිහිපයකද මෙලෙස වර්ෂාවට පෙර සහ වර්ෂාවට පසු වල්වල සැදී ඇති ආකාරය දැකගත හැකි විය.
            ප්‍රධාන පාරේ සැදී ඇති මෙම වළවල්  වලට වැසි ජලය පිරීමෙන් රාත්‍රී කාලයේ මෙම ප්‍රධාන පාරෙන් ගමන් කරන වාහනවලට විශාල අවදානමක් පවතී. විශේෂයෙන්ම යතුරුපැදි සහ පාපැදී පදවන්නන්ට මෙවැනි වලවල් ප්‍රධාන මාර්ගයේ තිබීම ඉතාම අනතුරුදායක විය හැක. ලාෆ් සුපර් මාර්කට් අසල රාත්‍රී කාලයේ වැසි ජලය පිරී තිබූ  වලේ වැටීමෙන් යතුරුපැදිකරුවෙක් හදිසි අනතුරකට ලක්වූ අවස්ථාවක්ද පසුගියදා වාර්තා වුනි.
ලාෆ් සුපර් මාර්කට් අසල මහා පාරේ ඇති මෙම අනතුරුදායක වල සම්බන්ධව මෙයට කලින් අප ” මීපුර ” ප්‍රවෘත්ති වෙබ් අඩවිය තුලින්ද විශේෂ ප්‍රවෘත්තියක් පළ කළෙමු.

                  මීගමුව ප්‍රදේශයේ මහා පාරවල්වල ඇති වලවල් සම්බන්ධව අප මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) මීගමුව කාරයාලයේ මීගමුව ප්‍රදේශය භාර තාක්ෂණ නිලධාරීවරියගෙන් විමසන ලදී. එහිදී ඇය කියා සිටියේ වර්ෂාව නිම වී දින දෙක තුනක් පමණ කාලයක් ඉක්ම ගිය පසු මෙම වලවල් පිරවීමට සූදානම්ව සිටින බවයි. ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ වැසි සහිත තත්ත්වයකදී පාරවල්වල සෑදී ඇති වලවල්  වලට ගල් සහ තාර මිශ්‍රිත මිශ්‍රණය දමා පිරවීමෙන් පලක් නොවන බවයි. ඒ නිසා  පාරවල්වල තෙතමනය අවම වූ පසු මෙම වලවල් පිරවීමට කටයුතු කරන බවද ඇය.  පැවසීය. ඒ අනුව තවත් සතියක පමණ කාලයක් ඇතුළත මීගමුව  ප්‍රදේශයේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියට අයත්  සියලු පාරවල් වල සෑදී ඇති වලවල් පිරවීමට කටයුතු කරන බව ඇය එහිදී වැඩිදුරටත් පැවසීය.