Pනමුත්
කලාව, සංගීතය , ක්‍රීඩාව , අාදී මේ සියළු අවස්ථා ජය ගැනීම සඳහා සමාජයේ ජීවත්වන හැකියාවන් , දක්ෂතාවයන් ඇති ගැහැනු පිරිමි විශාල උනන්දුවකින් ඒ සඳහා තරඟකාරීව කටයුතු කරන අාකාරයත් , කුඩා කල සිට ඒ සඳහා දරුවන් පොලඹවන ආකාරය ගැනත් අප දනිමු . එසේ ලබාගන්නා සහතික පත්, කුසලාන ආදිය තමන්ගේ පණ හා සමානව රැක ගන්නා ආකාරයත් අප අසා දැක ඇත්තෙමු .සමහරු පරම්පරා ගනනාවක් ගියද දූවිලි , බැඳී අවපැහැ ගැන්වී තිබුනද ඔවුන් ඒවා රැක ගනී.
කෙසේ නමුත් මෙවැනි කුසලාන ආදියෙන් කිසිදු පලක් නැතැයි කියා සිතා කටයුතු කරන අයත් , අප අතර සිටින බවද මින් පැහැදිළිවේ. දැන් මෙම දිලිසෙන කුසලාන වල මිල තීරණය කරන්නේ යකඩ බඩු විකුණන මුදලාලිය. වසර ගනනාවක් පුහුණුව ලබා තම ශ්‍රමය සහ මුදල් කැපකර ලබාගත් සිහිවටන ගැන ඔහුට ඇත්තේ අනෙකුත් මලකා පසෙකට දමා ඇති යකඩ හා සමාන හැඟීමකි. ඒ සියල්ල විකුණා ඉක්මනින්ම මුදල් ලබා ගැනීම ඔහුගේ එකම අරමුණයි .
මේ අනුව මිනිසා කැපවීමෙන් රැස්කල කීර්තිය , ජයග්‍රහණ ,ආදී සියල්ලට අවසන උරුම වන්නේ මෙවන් තත්වයකි.එය කණගාටුවට හෝ පසුතැවීමට කාරණයක් නොවන අතර අපට මුනගැහෙන යථාර්ථය එයයි.