Sunday, November 24, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Editor's Choice කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි ! මෛත්‍රිට,දුමිට තනතුරු නෑ ? කථානායකධුරය වාසුට?...

කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි ! මෛත්‍රිට,දුමිට තනතුරු නෑ ? කථානායකධුරය වාසුට? ?

0
79
my3අන්තර්වාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දිම  අද (22) පෙරවරුවේ සිදුවිමට නියමිතව  තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍ය ධූර ප්‍රමාණය 15ක් න අතර ඉන් 7  පොදුජන පෙරමුණටද,එයට සම්බන්ධ අනෙකුත් පක්ෂ සදහා 5 ක් ද්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද 3 ක් වශයෙන් එය බොහෝදුරට බෙදි යා හැකිව තිබේ.

එහෙත් ලැබෙන ඇතැම් ආරංචි වලට අනුව දැක්වෙන්නේ  15 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයේ ශ්‍රිලනිප ය සඳහා අමාත්‍ය ධූර වෙන්කර ඇත්තේ 2ක් පමණි. එම ප්‍රමාණය 3ක් කර ගැනීමට ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය සමග සාකච්ඡා කරමින් සිටින බවත් දැනගන්නට ඇත.

ඒ අනූව නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් අතුරින් දෙදෙනෙකු හට අමාත්‍ය ධූර හිමිවනු ඇති බවත් ලැබෙන අමාත්‍ය ධූර ප්‍රමාණය 3ක් වුවහොත් එම තිදෙනාට පමණක් අමාත්‍ය ධූර හිමිවනු ඇතැයි වාර්ථා වේ.

මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු පැමිණ අන්තර්වාර ආණ්ඩුවේ මහවැලි අමාත්‍ය ධූරය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටියත් ඔහුටත් අමාත්‍ය ධූරයක් ලැබීම සැකසහිත තත්ත්වයක් මතුව ඇත. ඒ මේ වන තුරු කිසිදු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී නොමැති නිසාය.

නමුත්  මේ වන විට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක ඉල්ලා අස්වීමට සූදානම් බව ට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. එහෙත් අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍ය ධූර ප්‍රමාණය 15 බැවින් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා ට අමාත්‍ය ධූරයක් ලැබීමට නම් ශ්‍රිලනිප කෝටාව යටතේ අමාත්‍ය ධූර ලබන දෙදෙනා හෝ තිදෙනා අතුරින් අයෙකුට ඉල්ලා අස්වීමට සිදුව ඇත.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා හටත් අමාත්‍ය ධූරයක් නොලැබෙන බවද වාර්තා වෙයි.
මේ අතර කතානායකධුරය බොහෝ දුරට වාසුදේව නානායක්කාර හට හිමිවනු ඇතැයිද සැලය.

 

Exit mobile version