කැමරන්ගේ අස්වීම වෙන්නප්පුවට බලපාන්නේ කෙසේ ද?

0
153

බ්‍රිතාන්‍යය  යුරෝපා හවුලෙන් ඉවත් විය යුතු බවට දීර්ඝ කාලයක් තිස්සේ   මතුවූ අවශ්‍යතාවය මත සිදුකළ ජනමත විචාරණයෙන්  ජයගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය  යුරෝ හවුලෙන් වෙන්විය යුතුයි යන අදහසයි. නමුත් මෙම මතය ජයග්‍රහණය වි ඇත්තේ  51.9% න් වන අතර යූරෝපා හවුලෙන් ඉවත් නොවිය යුතු බවට 48.1% ක ඡනතාව ඡන්දය පාවිච්චි කර තිබේ.  වෙන්නොවීමේ උවමනාව  වෙනුවෙන් ඉදිරිපත් වූ බිත්‍රාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ජනමත විචාරණයෙන් පරාජය වූ  අතර ඔහු තනතුරෙන් ඉවත්වීම ප්‍රකාශ කොට ඇත.
මෙම පරාජයයට හේතුවූ ප්‍රධාන ප්‍රධාන ප්‍රශ්නය වූයේ බ්‍රිතාන්‍යට නැගෙනහිර යුරෝපයේ රටවල් වලින්  පැමිණ ජීවත්වන සංඛ්‍යාව අධික වීමත් සමග මතුවූ අභ්‍යන්තර අර්බුද රාශියයි. බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන විවිධ සුබසාධක දීමනා ලබාගෙන රැකියාවක් නොකර වුවද ජීවත්වීමේ හැකියාවක් එරට තුළ තිබෙන නිසා එවැනි රටවල් වලින් ජනතාව මේ රටට ගලා එමේ ප්‍රවනතාවය  වර්ධනයවීමක් පසුගිය කාලයේ සිදුවිය. එය එරට ආර්ථිකයට හොද වුවත්  පැමිණෙන ජනතාවගේ චර්්‍යාවන් හේතුකොට ගෙන එරට තුළ මතුවූ සංස්කෘතික හෝදාපාලුවක් පිළිබද අර්බුදයක විසින්  මෙවැනි යෝජනාවක්  එමේ තත්ත්වයක් නිර්මාණය කෙරුණ බව එරට ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු මීපුර සමග අදහස් දක්වමින් කියා සිටියේය. මංකාල්ලකෑම්, සොරකම්,නීති විරෝධී ක්‍රියා  නිසා රටේ සාමය සහ නීතිය පවත්වාගෙන යාමේ අර්බුදය දිගින් දිගටම වර්ධනය විය.
යූරෝපා හවුලෙන් වෙන්නොවීමේ උවමනාව වෙනුවෙන් පෙනී සිටි 48.1% ක ඡනතාවගේ අදහස් වලින් නියෝජනය වන්නේ මෙමගින් ඇතිවිය හැකි ආර්ථික අර්බුදයයි.
මින් ඉදිරියට යූරෝපයේ වීසා බලපත්‍ර තිබෙන අයට බිත්‍රාන්‍යට  නිදහසේ ඇතුල්වීමට ඇති අවස්තාව ඇහිරෙනු ඇත. පසුගිය සමයේ යුරෝපයේ ඇති වූ  ආර්ථික අවපාතය හේතුවෙන් ඉතාලියේ රැකියා කළ ශ්‍රී ලාංකිකයන් බෝහෝ පිරිසක් යළිත් බිත්‍රාන්‍යයට ගොස් රැකියා වල නිරත වෙන්නට හා පදිංචි වීම ආරම්භ කරන ලදී. තවමත් මෙම තත්ත්වය තිබෙන අතර ඉතාලියේ වීසා තිබෙන  ශ්‍රී ලාංකිකයන්ට බ්‍රිතාන්‍යයට ඉතාම පහසුවෙන් යාමට ඇති අවශ්‍යතාවය ඉදිරියේදී   ඇහිරෙනු ඇත.  ඉතාලියේ ඇති රැකියා අර්බුදයෙන් අවුලට ගොස් ඇති වෙන්නප්පුවේ ජනතාවටද  මේ තත්ත්වය සෘජුවම වැදෙන බඩේ  පහරක් බව ද  ක්ල්තියාම දැන සිටි පිරිසක්ද විය.
ඉදිරියේදී බ්‍රිතාන්‍ය තුළ  ආර්ථිකමය අර්බුදයක් සහ රැකියා පුරපාඩුවක් ඇතිවිය හැකි වුවත් ඒ වෙනුවෙන් වෙනත් විකල්ප ක්‍රම යෝජනා වීමට ඉඩ ඇති අතර රටේ යහපත් සමාජ වටපිටාවක් වෙනුවෙන් බලාපොරොත්තු දැල්වෙනු ඇත.  proxy