කැල්ටන් අනුග්‍රහයෙන් Cook with Chef -ඉවුම් පිහිම් වලට කැමති දරුවන්ට

0
127

24d94b839572d439c2cac1410e716e06කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන Cook With Chef  වැඩසටහන සැප්තැම්බර් 15 වනදා  පෙරවරු 10.00 සිට 1.00 දක්වා තෙල්වත්ත හන්දිය කැල්ටන් ප්‍රධාන ශාඛාවේදී පැවැත්වීමට සූදානම් වේ. කුඩා දරුවන්ගේ  ආහාර සැකසීමේ හැකියාව පූර්ව අවධියේම වර්ධනය කිරීම සහ නව ආකාරයේ කේක් වර්ග සෑදීමට ඉගැන්වීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ සදහා වයස අවුරුදු 5 සිට 12 දක්වා ළමුන්ට සහභාගී වීමට අවස්ථාව ඇති අතර වැඩසටහන සදහා ඇතුළත්කර ගන්නේ ළමුන්  30 දෙනෙකු වේ.
සහභාගී වන දරුවන් ලියාපදිංචි කිරිම සැප්තැම්බර් 01 වනදා සිට 14 දක්වා සිදුවන අතර එක් දරුවෙකු සදහා ලියාපදිංචි ගාස්තුව 1150 කි.
සහභාගී වන කුඩා දරුවන්ට නොමිළේ ඒෆනයක්, සූපවේදී හිස් පැළදුමක්,  සහතිකයක්    හා  කේක් සමග පානයක්ද ලබාදේ.