කැල්ටන් සමුහ ව්‍යාපාරයේ ලේ දන්දීම මෙවරත් 

0
293

මීගමුව, කැල්ටන් ස්වීට් හවුස් අනුබද්ධ කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධිපති අභාවප්‍රාප්ත සෝමචන්ද්‍ර ද සිල්වා මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙන එම ආයතනය මගින්  වාර්ෂිකව සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහන මෙවරත් පැවැත්වුණි.

මේ අනුව 13 වැනි වරට සංවිධානය කරන ලද  මෙම ලේ දන්දීමේ වැඩසටහන  මීගමුව බෝලවලාන ජයසුදර්ශනාරාමයේ දී අද එනම් 2024/12/06 දින උදෑසන 9.00 ට පමණ ආරම්භ විය.  එය අද සවස 3.00 දක්වා පැවැත්වීමටද  කටයුතු සංවිධානය කර ඇත.
මෙම ලේ දන්දීමේ වැඩසටහන ආරම්භ කිරීමට පෙරාතුව කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධිපති අභාවප්‍රාප්ත සෝමචන්ද්‍ර ද සිල්වා මහතාට පිං පමුණුවා බෞද්ධාගමික  වත් පිළිවෙත් සිදු කළහ.  ජයසූදර්ශනාරාමාධිපති පූජ්‍ය කයිකාවල ඥානචන්ති ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් එම ආගමික වතාවත් සිදු කරන ලදී.
මෙම ලේ දන්දීමේ වැඩසටහන සහ එම ආගමික වතාවත් සඳහා කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධිපති අභාවප්‍රාප්ත සෝමචන්ද්‍ර ද සිල්වා මහතාගේ බිරිඳ වන වර්තමාන කැල්ටන් සමූහ ව්‍යාපාරයේ සභාපතිනි කාන්ති වික්‍රමසිංහ මහත්මිය සහභාගි විය. එලෙසම කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මහේෂ් සෝමචන්ද්‍ර ද සිල්වා මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන සඳුනි සෝමචන්ද්‍ර ද සිල්වා මහත්මිය ඇතුළු එම පවුලේ ඥාතීන් පිරිසක් ද මෙම ලේ දන්දීමේ වැඩසටහනට සහ ආගමික වතාවත් වලට සහභාගි වූහ.
මෙම  ලේ දන්දීමේ වැඩසටහනේ මෙහෙයවීමේ කටයුතු සිදු කරන ලද්දේ ජාතික රුධිර පාරවිලයන සේවාවේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු පිරිසක් විසිනි. එලෙසම මෙම වැඩසටහන තුළින් එකතු වන රුධිරය ,ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත ප්‍රධානය ⁣කෙරෙනු ඇත.
මෙම ලේ දන්දීමේ වැඩසටහනට සහභාගි වීම පිණිස, කැල්ටන් සමූහ ව්‍යාපාරයේ සේවක සේවිකාවන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් ද බෝලවලාන, ජයසුදර්ශනාරාමයට පැමිණ සිටියහ.

WhatsApp Image 2024 12 06 at 13.48.21 55c9828b WhatsApp Image 2024 12 06 at 13.46.16 7927d3c0 WhatsApp Image 2024 12 06 at 13.46.48 8b61fec1 WhatsApp Image 2024 12 06 at 13.47.50 beffe354

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here