කැල්ටන් ස්විට් හවුස්, පාරිභෝගිකයින් ඇගයීමේ දිනය සමරයි

0
246

 

IMG 20241008 WA0047

කැල්ටන් සමූහ ව්‍යාපාර අනුබද්ධ කැල්ටන් ස්වීට් හවුස් සිය පාරිහෝගිකයින් ඇගයිමෙි දිනය ( CALTON CUSTOMER APPRECIATION  DAY ) අද දින  (10/08) සමරනු ලැබීය. කැල්ටන් ස්වීට් හවුස් සෑම වසරකම  ඔක්තෝබර් මස 08 වැනි දින මෙලෙස සිය පාරිභෝගිකයන් ඇගයීමේ දිනය පවතිනු ලබයි.
මේ අනුව මීගමුව නගරයේ සහ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ ඇතුළුව බස්නාහිර සහ වයඹ පලාත් වල ඇති කැල්ටන් ස්විට් හවුස් ශාඛා 23 කදී අද දින පෙරවරු 8.30 සිට මෙලෙස සිය පාරිභෝගිකයන් ඇගයීමේ දිනය පවත්වනු ලැබීය.
කැල්ටන් පාරිභෝගිකයින් ඇගයිමේ දිනයේ   ප්‍රධාන වැඩසටහන පවත්වනු ලැබුවේ මීගමුව තෙල්වත්ත හන්දියේ  ,කැල්ටන් හයිෆෝමාර්ට් ගොඩනැගිල්ලේ පිහිටි කැල්ටන් ස්වීට් හවුස් ප්‍රධාන ආපනශාලා පරිශ්‍රයේදීය.  මෙහි ආරම්භක අවස්ථාවට කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මහේෂ් නිශාන් සිල්වා මහතා ඇතුළු මෙම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත්ම මහත්මාවීන්  මෙන්ම සෙසු සේවක සේවිකාවන් පිරිසක්ද සහභාගි වූහ.
ඒ අනුව අද දින  කැල්ටන් ස්වීට් හවුස් ආපනශාලා වලට පැමිණෙන  1500 කට වැඩි පාරිභෝගිකයන් පිරිසකට ත්‍යාග  පිරිනැමීම සිදුකෙරිණි. එලෙසම සෑම ශාඛාවකටම පැමිණෙන පාරිභෝගිකයින් අතරින් හොඳම පාරිභෝගිකයකයා තෝරා ගෙන, එම පාරිභෝගිකයාට  විශේෂ
සැමරුම් තිලිණ ප්‍රදානය කිරීමක්ද  සිදුවිය.

මෙම වැඩසටහන සඳහා කැල්ටන් ස්වීට් හවුස් පාරිභෝගිකයන් ඉතාම උනන්දුවෙන් සහභාගි වී සිටින ආකාරය දැකගත හැකි විය

IMG 20241008 WA0041

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here