කැලිඩෝ වෙරළටත් වැලි.. කැපුන්ගොඩින් පාඩම් ඉගෙනගමු.

0
262

received_2564832750455745received_211748143369358

මින් පෙරද මෙවැනි වැලි පොම්ප කිරීමේ ව්‍යාපෘති සිදු කර ඇත. 2019 වසරේ මාර්තු මස මේ ආකාරයෙන්ම නැවක් භාවිතා කරමින් මීගමුව නගර සීමා බලප්‍රදේශයට අයත් සෙත්තප්පාඩුව සිට සරක්කුව දක්වා වෙරළ තීරයට වැලි පොම්ම කෙරින. පෝට් සිටියෙන් ප්‍රදේශයේ ධීවරයින් හට සිදුවා හානිකර බලපෑමට වන්දි ලෙස ගෙවීමට තිබූ මුදල් මෙම වැලි පිරවීමේ ව්‍යාපෘතිය සඳහා යෙදවින.

කිසිදු සැළැස්මක්, නිසි සක්‍යතා වාර්තාවක් හෝ විද්‍යාත්මක පදනමක් නොමැතිව සිදුකෙරුන මෙමෙ ව්‍යාපෘතියේ ප්‍රතිඵලය වූයේ ධීවරයි හට වන්දි ලෙස ලැබීමට තිබූ මිලියන ගනනක් වූ මුදල මහ මුහුදට සෝදා ගසාගෙන යෑම පමණි. මන්ද මාස දෙක තුනක් ගතවන්නටත් ප්‍රථම පොම්ප කල සියළු වැලි සියල්ල නැවත මුහුද ගසාගෙන යන ලදි. වන්දි ලබාදීම යනු කණ්ඩායම් කීපයක් එක්ව ධීවරයි රැවටීම සඳහා සිදුකල තවත් ප්‍රෝඩාවකි. ඒ පිළිබඳව වැඩි දුර මෙහි සඳහන් කිරීමට මා බලාපොරොත්තු නොවෙමි.

අවාසනාවක මහත නම්, තොරතුරු දනගැනීමේ පනතට අනුව මා කල විමසීමකදී වෙරළ සංරක්ෂන සහ වෙරල සම්පත් කළමණාකරන අධිකාරිය දන්වා සිටියේ මෙම ව්‍යාපෘතිය මහ නගර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති පෝට් සිටි ව්‍යාපෘතියේ හරහා ඔවුන්ගේ අවසරය මත පූර්ණ මැදිහත්වීමකින් සහ අධීක්ෂණයක් මත සිදුවූ බවයි. මෙම තත්වය ඉතාමත් අවාසනාවන්ත තත්වයකි. මෙවැනි ආකාරයෙන් සිදුකෙරෙන සුදු අලි ව්‍යාපෘති සඳහා ලබාදුන් අධීක්ෂනය කුමක්ද. මෙවැනි නිශ්ඵල ව්‍යාපෘති සඳහා අධීක්ෂනය ලබාදුන් බලදරයින් කිසිඳු දැනුමක් නැති මෝඩයින්ද? එසේ නොමැති නම් මෙම ව්‍යාපෘති ඔස්සේ අනිසි ලෙස හම්බ කරගන්නා කයිරාටිකයින්ද? මොවුන් අනිවාර්‍යෙන්ම මෙමෙ දෙකොට්ටාසයෙන් එකකට අයත් පුද්ගලයින් විය යුතුමය. මේ පිළිබඳව දැනුවත් වෙමු. මෙවැනි ක්‍රියා සඳහා සම්බන්ධවන රාජ්‍ය නිළධාරීන් සහ දේශපාලකයින් හෙලිදරවු කරමු. ඔවුන් ප්‍රතික්ශේප කරමු.
රිද්ම – සෙත්තප්පාඩුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here