කැලිසන් ජයකොඩි අයවැයට විරුද්ධ නොවුනේ ඇයි..?

0
118

මීගමුව මහනගර සභාවේ 2013 වසර සදහා අය වැය විපක්ෂයේ බරපතල නිහඬතාව මැද ඊයේ සම්මතව තිබුණි. අයවැෙයහි වු අඩුපාඩු පෙන්වා දෙමින් විපක්ෂය වෙනුවෙන් කථා කර තිබුනේ දොස්තර හෙන්රි රොසයිරෝ මහතා පමණි. මේ  සම්බන්ධයෙන් අප කළ විමසුුමකට පිළිතුරු මන්ත්‍රිවරයා පවසා තිබුනේ මේ අයවැයේ ආදයම් පෙන්වා ඇත්තේ දුරකථන මාර්ගයෙන් දෙන බවට පවසා ඇති මුදල් පොරොන්දු මතද පදනම් වෙමින් බවයි.මේ නිසා අයවැය වැනි ඉදිරි වසරේ නගරයෙ සංවර්ධනය සමිබන්ධයෙන් වු වැදගත්ම ප්‍රකාශනය පවා හෑල්ලුවට ලක් කර ඇති බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යතු බවට වු විපක්ෂයේ යෝජනාව පාවා දෙමින් කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා ඊයේ පවසා ඇත්තේ තම කණ්ඩායම ඉදිරිපත්ව ඇති අයවැයට පක්ෂ බවය. විපක්ෂ මන්ත්‍රි රවි ජිවානන්ද මහතා පවසා තිබුනේ කවුරුන් අකමැති වුවද තමන්
නම් පක්ෂ බවය.

මේ සියළු බෙදිම් මැද ආණ්ඩු පක්ෂය ජන්ද විමසිමකින් තොරවම අයවැය සම්මතකරගෙන තිබුණි.