කැලිසන් ජයකොඩි සහ මිපුර පුවත්පත

1
103

ලංකාවේ වැඩිම ප්‍රා දේශිය මාධ්‍ය සංඛ්‍යාවක් ඇති එකම නගරය මීගමුව යැයි අප විශ්වාස කරමු.

ප්‍රා දේශිය පුවත්පත් 3 ක් ( මින් එකක් පුවත්පතකැ යැයි කිම ගැටළු සහගතය.)ප්‍රාදේශිය ගුවන් විදුලියක් ,වෙබ් අඩවියක් , සහ ටීවී නාලිකාවක්. මෙහි වෙයි.මෙහි පැරණිතම මාධ්‍ය ලෙසින් මිපුර පුවත් පතට ඇත්තේ  සියුම් ආඩම්බරයකි.

අද ඒ ආඩම්බරය තවත් දෙගුණ විය.හේතුව 2012 ජනවාරි මහ සභාව තුලදි අපේ මාධ්‍ය මෙහෙවර ගැන දැඩි කාථා බහක් ඇතිව තිබුණ හෙයිනි.( මීගමුවේ අනික් මාධ්‍ය ඇත්තේ විනෝදයත්, සංස්කෘතික කටයුතුත් බලාගන්නටය.- මේ නිසාම ජනතාවට මීගමුවේ ඇත්තටම සිදුවන දේ දැනගන්නට ඇත්තේ අපේ පුවත්පත පමණි.කෙතරම් අපහසුකම් මැද වුවද අප අපගේ ඒ මාධ්‍ය මෙහෙවර දිගටම පවත්වාගෙන යන්නෙමු. )

එනම් කැලිසන් ජයකොඩි නම් එජාප මංත්‍රිවරයා විසින් අප ඔහු පිළිබදන සදහන් කර තිබුණ දෑ ඔහුගේ නිකැලල් දේශපාලන ජිවිතය සියුම් ලෙසින් විනාශ කිරිම අප යෙදි ඇති බව අද දිනයේ සදහන් කර තිබුණි.

කැලිසන් ජයකොඩි මංත්‍රිවරයා විසින් නටන්නට පටන්ගෙන ඇති නාඩගම ජනතාව වෙනුවෙන් හෙළි කිරිමේ පළමු පියවරම අති සාර්ථක වි ඇතැයි අප දැන් තේරුම්ගෙන ඇත්තෙමු.හේතුව  අද දිනයේ ඔහු අප ගැන සදහන් කර තිබුනේ තමන්ව විචේනයට ලක් කරතිබිම වරප්‍රසාද ප්‍රශ්ණයක් ලෙසින් මතු කරමිනි.

ඇත්ත . අපි ඔහු විචේචනය කළෙමු.හේතුව ජනතාවගේ ඡන්දයෙන් පත්ව ජනතාවට එරෙහිව ඔහු කටයුතු කරන්නට යෑම නිසාවෙනි.අප විසින් ඔහු ගැන හෙළි කර අති එක් කරුණක් හෝ වැරදි නම් එය නිවරදි කරන ලෙස අප ඉතා නිහතමානි ලෙසින් ඉල්ලා සිටිමු.අපි ඒ ඉඩ අප පුවත් පත වෙනුවෙන් ලබා දෙන්නය සුදානම්ය.එසේ පදනම් සහිත චෝදනා ඉදිරිපත් නොකර පාලු ගෙවල් වල වලන් බිදින්නට පටන්ගන්නේ නම් ජනතාව වෙනුවෙන් කැලිසන් ජයකොඩි යනු කව්දැයි තවදුරටත් හෙළි කර සිටිමේ වගකිම අප පිට පැවරෙනු ඇත.

අපි ඉන් බිඳක් පමණක් දැන් මෙහි සටහන් තබන්නෙමු.

කැලිසන් ජයකොඩි තාලාහේන පේරුව නියෝජනය කළ පැරණිතම මන්ත්‍රිවරයෙකි.එහෙත් ඒ පේරුවේ ජනතාව පෙළු ප්‍රශ්ණ ගණනාවක්ම විය. එහෙත් කැලිසන් ජයකොඩි ඒ ගැන කිසිවක් කිවේ නැත.

1.පේරුවේ ජනතාවට මහත් අපහසුවක් ගෙන දුන් 273  මාර්ගය ඉදි කිරිම් කටයුතු වසර 3  තිස්සේ මන්දගාමිව පවතිද්දි මේ මන්ත්‍රිවරයා මේ ප්‍රශ්ණය වෙනුවෙන් මහ සභාවේ කිවරක් හඩ නගා තිබුනේද….????

2.මංකුලිය ලෙල්ලම දෙපස මාළු අලෙවි කිරිම නිසා පේරුවේ ජනතාව දශක ගණනාවක් තිස්සේ අත්විදි ගැහට ගැන මේ මන්ත්‍රිවරයාගේ ප්‍රතිචාරය වි තිබුනේ කුමක්ද.?????

ඉතින් ඔහු ඇත්තටම  නිකැලල්ද,,,,,???????? ඔහු අපට බය නැති බවද අද දිනයේ පවසා තිබුණි.

ඇත්ත ඔහු අපට බිය විය යුතු නැත.අපත් ඔහුට බය නැත. එහෙත් ඔහු ජනතාවට බය බව අප දැන් තේරුම්ගෙන ඇත්තෙමු.ඒ අප ඇත්ත කියන්නට පටන්ගෙන ඇති නිසාය.