කැස්බෑවුන් මස්කළ අයෙකුට රු 50000 ක දඩයක් !

0
47

කැස්බැවා 203මීගමුව වෙරළ තිරයන්හිදි කැස්බෑවුන් දඩයම ජයටම කෙරිගෙන යන බව පසුගිය දිනවල අප විසින්ද අවස්ථා ගණනාවකදිම හෙළිදරව් කරන්නට යෙදුනෙමු.
නාවික හමුදාව විසින් වහා ක්‍රියාත්මක විම නිසා පසුගිය දිනක මීගමුව කොටුව පිටිය අසල මාළු ලෙල්ලමේදි අලුයම 5 ට පමණ කැස්බෑවුන් 5 දෙනෙකු මස්කළ පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාරදිමෙන් පසු රු 50000 ක දඩයක් අධිකරණය විසින් නියම කර තිබුන බැව් වාර්ථාවේ.
මෙම කැස්බෑවන් මීගමුව දූව ප්‍රදේශයේ ධිවරයන් පිරිසක් විසින් අල්ලා ගෙන විත් තිබුණ බව කියැවේ.