කෑම නිසා ලෙඩවන කලාපේ කම්කරුවෝ ?

0
153

( 01.00 pm ) කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 50 දෙනකු පමණ  පසුගිය 5 වනදා  කම්හල මගින් ලබා දුන් උදෑසන ආහාර අනුභව කිරීමෙන් පසුව රෝගාතුර වීම නිසා ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි

මෙම සේවක පිරිස මීගමුව මහ රෝහලේ අංක 02 සහ අංක 03 වාට්ටුවලදි නේවාසිකව  ප්‍රතිකාර ලබාගැනිමට යොමු කෙරුණි

ක්ලාන්තය, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ මෙම සේවක සේවිකාවන්ට පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත

පසුගිය කාලය තුල අවස්ථා ගණනාවකදිම මේ ආකාරයට නිදහස් වෙළද කලපයේ කම්කරුවන් ආහාර විසවිම් හේතුවෙන් රෝහල් ගත කර තිබුණ අතර මේ ආහාර සැපයිම විවිධ ටෙන්ඩර් කරුවන්  විසින් සපයනු ලැබේ.

මෙම ආහාර විෂවිම් මාරාන්තික වු අවස්ථාවන්ද ඉතිහාසය තුල වාර්තා වි ඇත

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here