කෑල්ලක් 150යි. තැලෙන්නේ ගෝනියද? වෙළෙන්දාද?

0
430

kamachode pola

මීගමු  පොලේ  එලවළු  වෙළෙන්දන්   තමන්  ගෙනැවිත්  දමන  එලවළු  ,  පලතුරු  හෝ  වෙනත්  කුමන  හෝ  භාංඩයක්   විකුණා  ගැනීම  සඳහා   පොලෙන්  ඉඩක්  ගතයුතුව  ඇත.  මෙහිදී  එසේ  ගන්නා  ඉඩ  හඳුන් වන්නේ  කෑල්ලක්  යනුවෙනි. සමහර විට  වෙළෙන්දා  රැගෙන  එන  ගෝනිය  කෑල්ල   ලෙස  හඳුන්වයි.  මෙකී  ගෝනියක  කිලෝ  50කි.  මෙම  ගෝනියකින්   රු.150ක්  අයකරන  බව  වෙළඳ  මහතුන්  පවසයි. සමහර විට  කිලෝ  20ක්  හෝ  30ක්  තිබුනද  එම  මුදලම  අයකරන  බව  ඔවුන්  පවසයි.

මෙම  පොලෙහි  වෙළඳාම  සඳහා  නුවරඑලිය,  දඹුල්ල,  ඇඹිලිපිට්ය,  ආනමඩුව  වැනි  විවිධ  ප්‍රදේශ  වලින්   මීගමුව  සහ  මීගමුව  අවට  අක්කරපනහ,  කිඹුලපිටිය  වැනි  ප්‍රදේශ  වලිනුත්   එන  වෙළෙන්දන්ගේ  තරාතිරම  හැකි  නොහැකියාවන්  එකිනකාට  අනුව  වෙනස්ය.  තොග පිටින්  බඩු  ගෙනැවිත්  විකුණන  අය  සේම  ගමෙන්  සොයාගන්නා  පලාටිකක්,  පලතුරු ටිකක්  ගෙනැවිත්   කුඩා  ස්ථානයක  තබාගෙන  විකුණා  කීයක්  හෝ  හරිහම්බ  කරගෙන  ජීවත්  වීමට  වෙර  දරන  අසරණ  උදවියත්  මේ  අතර  සිටින  බව  අපි  දනිමු.  මෙම  අසරණයින්ගේ  මුවින්  පිටවන  කථාව  තුළ  ගැබ්වී  තිබුනේ   තමන්ට  අසාධාරණයක්  සිදුවෙනවාය  කියන  අදහසයි.kamachchode pola 2

(12.15 pm ) සමහරු  පවසන්නේ  මෙහි  කඩ දැමීම  සඳහා  ඉඩදී  ඇත්තේ  නිසි  ක්‍රමවේදයකට  අනුව  නොවන  බවයි. පවතින  අසාධාරණ  අයකිරීම් , ගනුදෙනු  ගැන  කථාකිරීමට  කිසිවෙකු  ප්‍රසිද්ධියේ  මැදිහත්  නොවන්නේ   මෙම  පොල  ටෙන්ඩරය  හරහා  ගොඩනගාගෙන  ඇති  අයතා  බලය  නිසාබව  ප්‍රසිද්ධ  රහසකි.  එක්  වකවානුවක  මෙකී  ටෙන්ඩර්  කරුවෙකුට  ටෙන්ඩරයට  ගෙවන  මුදලට  අමතරව  නාගරික  මන්ත්‍රීවරු  දෙදෙනෙකුගේ  වැටුප  ගෙවීමට  පවා  යෝජනාවී  තිබුනු  බව  මේගැන  තතු  දන්නා  අයෙකු  අප සමඟ  පැවසීය.   මේ  අනුව  මීගමු  පොල  යනු   දෙකොන  ගිනගන්නා  විලක්කුවකි.  කට්ටඩියා  විලක්කුවේ   දෙපැත්තටම   දුම්මල  ගසා   නැටුම  නටයි.