කිඹුලපිටියේ 17 හැවිරිදි තරුණියක, පිහියකින් ඇන ඝාතනය කරයි.

0
55

මෙම ඝාතනය සිදු වී තිඛෙන්නේ අද (2013/02/23) උදෑසන 8.30ත් 8.45 අතර තුර කාලයේදීය. මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ කිඹුලාපිටිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වූ පලිහවඩාන දිනේෂිකා මධුරංගී ප්‍රනාන්දු නැමැති 17 හැවිරිදි තරුණියකි. මෙම තරුණිය පදිංදි වී සිටි මීගමුව, කිඹුලාපිටිය අස්වැද්දුම, ලි`ද පාරේ පිහිටි අංක 372/02 දරණ ඇය විසු නිවසේදීම ඇයව පිහියෙන් ඇන ඝාතනය කර තිබිණි.
මෙම ඝාතනය සිදු කර ඇති සැකකාර තැනැත්තා බලංගොඩ ප්‍රදේුශයේ සිට මීට වසර 05 කට පමන පෙර මෙම පලාතට පැමිණ කුලී රැකියා කරමින් සිටින 20 හැවිරිදි තරුණයෙකි. සජිත් මධුසංක ලෙස හ`දුන්වන මේ තරුණයා මීට මාස කිහිපයකට පෙර මෙම තරුණිය විසු නිවස සමීපයේ පිහිටි ගිණි කෙළි කර්මාන්ත ආයතනයක කම්කරුවෙකු ලෙස රැකියාව කර ඇති බවද අනාවරණය විය.
ඝාතනයට ලක් වූ තරුණිය පවුලේ බාලයා වු අතර ඇයට වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකි. ඇයගේ වැඩිමහල් ම සහෝදරයා කටුනායක වෙළ`ද කලාපයේ පිහිටි ආයතනයක රැකියාවක් කරන අතර ඇයගේ 02 වන වැඩිමහල් සහෝදරයා විදේශගතව රැකියාවක් කරයි. ඇයගේ මවද  කටුනායක වෙළ`ද කලාපයේ පිහිටි ආයතනයක රැකියාවක නිරත වේ. ඇයගේ පියාට ස්ථීර රැකියාවක් නොමැති අතර ඔහු දෛනික කුලී වැඩවල නිරත වේ. ඒ අනුව අද (2013/02/23) උදෑසන ඇයගේ මව රැකියාවට ගොස් ඇති අතර ඇයගේ වැඩිමහල් සහෝදරයාද ඔහුට අද නිවාඩු දිනයක් වූ නිසාවෙන් ඔහු එම අවස්ථාවේ නිවසින් බැහැරට ගොස් සිට ඇත. ඇයගේ පියාද දෛණිකව කුලී වැඩක් සොයා ගැනීමට නිවසින් පිටතට ගොස් ඇත. එම අවස්ථාවේ නිවසේ තනිවම සිට ඇත්තේ මෙම තරුණිය පමනකි. එතෙක් ඒ අසල මානයේ සිට හො`ද හැටි විපරමින් පසු වූ සැකකාර තරුණයා නිවසේ තරුණිය පමනක් සිටින බව ස්ථීරවම දැනගෙන නිවසට පැමිණ මෙම ඝාතනය සිදු කර තිබේ.
වාර්තා වන පරිදි මෙම තරුණයා උදෑසන 7.30 පමන වන විටත් එම නිවස ආසන්නයේ කුඹුරක් අසල පිහිටි කුඩා මඩුවක සිට සිගරට්ටුවක් උරමින් සිට ඇති බව ඒ ප්‍රදේශයේ ගොවි මහතෙකු දැක තිබේ.  නිවසේ තනිවම සිටි මෙම තරුණිය හ`ඩ වැඩිකරමින් නිවසේ ඇති කැසට් යන්ත්‍රය කි්‍රයාත්මක කර ඇති බවද වාර්තා වේ. කැසට් යන්ත්‍රයේ හ`ඩද පරයමින් එක් අවස්ථාවක නිවස දෙසින් ආ ශබ්දයක් ගැන විපරමින් බැලු අසල් වැසි කාන්තාවක දැක ඇත්තේ එම කුඩා නිවසේ ඉදිරපස සහ පිටුපස දොරවල් වසා දමා ඇති ආකාරයයි. එවිට එම කාන්තාව පිටුපස දොර කඩා දමා නිවසට ඇතු`ඵ වන විට සැකකාර තරුණයා නිවසේ ඉදිරිපස දොර විවෘත කරගෙන  පලාගොස් තිබිණි. එම අසල් වැසි කාන්තාවගේ කෑගැසීම අසා නිවස ඉදිරිපිට සිටි ඇයගේ සැමියා දුවමින් පලා යන එම තරුණයා නිවස ආසන්නයේදීම අල්ලා මීගමුව පොලිසියට දන්වා තිබේ. එහිදී නිවස ඇතුලත පරීක්ෂා කර බැලු අසල්වැසි කාන්තාවට නිවසේ එක් ස්ථානයක තුවාල සහිතව වැටී සිටි තරුණිය දැක ඇත. ඒ අනුව ගම්වැසියන් විසින් ඇයව මීගමුව රෝහලට රැගෙන එන විටත් ඇය මිය ගොස් තිබුනු බවද වාර්තා වේ. මෙම තරුණිය අද උදෑසන ඇයගේ යෙහෙලියක සම`ග මීගමුව නගරයට පැමිණ ඇ`දුම් කිහිපයක් මිලදී ගැනීමට බලාපොරොත්තුව සිටි බවද වාර්තා වේ.
අපොස සාමාන්‍ය පෙල විභාග ප්‍රතිඵල ලැඛෙන තුරු ඇය පෞද්ගලික ස්ථානයක සු`ඵ
රැකියාවක් කරමින් සිට ඇති බවද මෙහිදී අනාවරණය විය. එලෙසම සැකකාර තරුණයා පොලිසිය කල මුලික ප්‍රශ්ණ කිරීම් වලදී පවසා ඇත්තේ තමා මිය ගිය තරුණිය සම`ග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවයි. එහෙත් මිය ගිය තරුණියගේ පියා සහ ඥාතීන් ඇතු`ඵ අසල්වාසීන් පවසන්නේ එවැනි ප්‍රේම සම්බන්ධතාවයක් පිලිබ`දව තමන් කිසිවක් නොදන්නා බවයි.  ඒ අනුව මේ වන විට මෙම ඝාතනය ස`දහා යොදා ගනු ලැබූ මේස පිහියක් සම`ග සැකකාර තරුණයා මීගමුව පොලිසියේ අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එලෙසම ඝාතනයට ලක් වූ එම තරුණියගේ මළ සිරුර මේ වන විට මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂනය පැවැත්වීමටද නියමිතව තිබිණි. මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා එම ඝාතනය සිදු වු එම නිවසට පැමිණ මුලික පරීක්ෂන කටයුතු සිදු කල අතර මීගමු රෝහලේ වෛද්‍යවරුන් තරුණියගේ ඥාතීන්ට පවසා ඇත්තේ එම තරුණියගේ ගෙල ප්‍රදේශය පිහියෙන් කපා දැමු සු`ඵ ස්ථානයක් ඇති බවත් එහිදී බල නහරය කැපී ශරීර අභ්‍යන්තරයට අධික රුධිර වහනයක් සිදු වීමෙන් මෙම මරණය සිදු වී ඇතැයි දැනට සැක කල හැකි බවයි.