කියන දේ නාහන ඉඩම් වෙළෙන්දෙක් සහ නගර සභාවේ කොමිස් කාක්කෝ !

0
351

රැජින මාවත 3ජගත් දේපල වෙළදාම් යන නමින් ඉඩම් කට්ටි කර විකුණන ඉඩම් වෙළෙන්දෙක් නිසා තලාදුව ප්‍රදේශයේ පවුල් 12 කට දිගින් දිගටම සිදුවෙමින් ඇති කරදර ගොන්නකට තවත් අමිරි සිදුවිම්ක් ඊයේ ද එක්ව තිබුණි.
ඉඩම් කට්ටි 32 ක් වෙන්කර අලෙවි කිරිමේදි නගර සභාවද ඇතුළු අදාල සියළු ආයතන විසින් එකි ඉඩම් කට්ටි සදහා භාවිතා කළ යුතුව ඇති මාර්ගය ලෙස රැජින මාවත ඉතා පැහැදිලිව නම් කර තිබියදි එය පිළිපැදිමට අදාල ඉඩම් වෙළෙන්දා විසින් කටයුතු නොකිරිම නිසා නිවැසියන් පිරිසක් මහත් පිඩාවකට පත්ව තිබේ.
එනම් අදාල ඉඩම් කට්ටි 32 න් එකක නිවසක් ඉදිකිරිම දැන් සිදුවෙමින් තිබේ. මේ නිවෙස් සැලැබ් එක සදහා කොන්ක්‍රිට් දැමිමට  පැමිණි දැවැන්ත වාහනයක් රැජින මාවත භාවිතා කරනු වෙනුවට නිවැසියන් 12 දෙනෙකු හට පමණක් හිමිකම ඇති පුද්ගලික පාර භාවිතා කරමින් ගමන් කිරිම නිසා එකි පාරේ විදුලි කණු දෙකක් කැඩිගොස් තිබුණ අතර විදුලි සැපයුම් වයර් සියල්ලද කැඩියාම නිසා විදුලියද අහිමිව ගොස් තිබුණි.
මෙම සිදුවිම හරහා ඉස්මතුවන කාරණා 2 කකි.

මෙහි දැක්වෙන බෝක්කුවේ සිමාවෙන්  රැජින මාවත අවසන් කිරිම සදහා පියවර ගත යුතුව තිබේ.
කම්බි ගසා වෙන්කරන බවට 2015 දි දුන් පොරොන්දුව

එනම් ඉඩම් වෙළෙන්දන් හා අදාල පාලත් පාලන ආයතන වල නිළධාරින් අතර ඇති කොමිස් සම්බන්ධයයි.
එසේ නොමැති නම් අදාල ඉඩම් කට්ටි සදහා භාවිතා කළයුතු යැයි නියෝග දි ඇති පාර පමණක් භාවිත කල හැකි වන පරිදි අදාල ස්ථානයකින් එය වසා දැමිමට  කටයුුතු කළ යුතුව තිබේ.
එහෙත් පසුගිය වසර 6 ක් පුරාවට මේ නියෝග ක්‍රියාත්මක කිරිමට මිගමුව මහනගර සභාවේ අදාල නිළධාරින් කටයුතු නොකිරිම මගින් කියැවෙන පැහැදිලි සත්‍යය වනුයේ අදාල ඉඩම් වෙළෙන්දා හා නගර සභාවේ කුප්‍රකට රජතුන් කට්ටුව අතර ඇති සබදතාවයයි.
මේ තුන්කට්ටුවෙන් දැන් නගර සභාවේ ඇත්තේ එක් අයෙකි. ඒ තාක්ෂණ නිළධාරි රන්මුතුය.අනික් දෙදෙනා වුයේ බණ්ඩාර සහ බාලාය.
දැන් ඔවුන් කප්පරක් මුදල් හම්බකරගෙන විශ්‍රාම සුවය ගතකරමින් සිටිති.
වතමන් නගර පාලනය සිරෝ මුදරුවන් ගැන දැන්විම් පුවරු සවි කළද ඔවුන් කිසි දෙනක සීරෝ කූට ලේඛණ හෝ සීරෝ කප්පම් සහ අල්ලස් නගරය පාලනයක් යැයි කියමින් කිසිදු පුවරු නොගසනු ඇත.