කිරි තේ එකක මිළ රු 10 කින් වැඩිවේ ?

0
20

( 1.30 pm ) ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ යාම හේතුවෙන් අප්‍රේල් 1 වන දින සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ යන බව සමස්ත ලංකා ආපනශාලා සහ ආපනශාලා හිමියන්ගේ සංගමය (AICROA) පවසා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ආනයනික කිරිපිටි මිල 4.7% කින් ඉහළ යාමෙන් පසුව මෙම තීරණය ගත් බව AICROA සභාපති හර්ෂණ රුක්ෂාන් සදහන් කර ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මේ අනුව  අප්‍රේල් 1 වන  විට ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක සිල්ලර මිල රුපියල් 50 කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here