කිලිනොච්චි මාධ්‍ය සංගමයේ ලේකම්ට පහරදුන් මැරයන් තවමත් නිදැල්ලේ ?

0
146

කිලිනොච්චිය මාධ්‍ය සංගමයේ ලේකම් තමිල් සෙල්වම් ඊයේ සවස්වරුවේ මැර ප්‍රහාරයකට ලක්ව තිබුනේ කිලිනොච්චි ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිටදිය.
කළු පැහැති කැබ් රථයකින් පැමිණ තිබුණ මෙම මැර පිරිස තමිල් සෙල්වම්ව ඔවුන් පැමිණ තිබුන වාහනයට දමාගෙන පැහැර ගෙන යෑමට තැත්කර තිබුණි.

වාහනයේ දොර විවෘතව පැවැති හෙයින් තමිල් සෙල්වම් මැරයන්ව තල්ලු කරමින් වාහනයෙන් පැනගැනිමට උත්සාහ කරන අතර මැරයන් මෙසේ පහර දි ඇත.

පහර කෑමට ලක්වු තමිල් සෙල්වම් මේ වන විට කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
මාධ්‍ය ගණනාවකට සම්බන්ධව කටයුතු කරන තමිල් සෙල්වම් පසුගිය කාලය තුල කිලිනොචිචිය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් ගැනද  හෙළිදරව් කිරිම් කිපයක්ම සිදුකර තිබුණි

තමිල් සෙල්වම්ව පැහැර ගැනිමට පැමිණි වාහනයේ රියදුරුගේ නිවසේ ලිපිනය ද කිලිනොච්චි මාධ්‍ය සංගමයේ ක්‍රියාකාරින් විසින් කිලිනොච්චි පොලිසියට ලබා දි තිබුණද මේ වනතුරුත් මේ මැරයන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත

අප ඊයේ රාත්‍රියේ මේ ගැන කළ විමසුමකදි පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ අද දිනයේ මේ පිරිසව අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවත් තමන්ට මේ වන විටත් ජේෂ්ඨ පොලිස් නිලධාරින් පවා විමසා සිටින බවත්ය

උතුරු නැගෙනහිර දි මාධ්‍යවේදින්ට එරෙහිව සිදුකරනු ලබන මෙවන් මැර ප්‍රහාර දකුණේ බොහොමයක් මාධ්‍ය වලට ප්‍රවෘත්තියක් නොවිමද විශේෂයෙන්ම ලකුණු කර තැබිය යුතුව තිබේ. මෙවන් ප්‍රහාරයක් දකුණේ මාධ්‍යවේදියෙකුට සිදුකර තිබුනේ නම් ඒ තත්වය සැබැවින්ම වෙනස්ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here