කිසිම පලතුරු වෙළෙන්දෙක් නොකියන කතාවක්, ශාන්තගෙන් අහමු.

0
244

 

මීගමුවේ බන්දුල මාර්කට් එකේ ශාන්ත කියලා කියන්නේ   දශක 03 ක් ඒ කියන්නේ වසර 30 ක පමණ කාලයක සිට මීගමුවේ   ලක්ෂ  සංඛ්‍යා පාරිභෝගික ජනතාවට රසම රස නැවුම් පලතුරු  ලබා දෙන පලතුරු ව්‍යාපාරිකයෙක්. ආනයනික පලතුරු වගේම ලංකාවෙම වැවෙන  නැවුම් පලතුරු ත් ඔහු වැඩි වශයෙන් අලෙවි කරනවා.

විවිධාකාරයේ පළතුරු කන්න කැමති  සහ ඒ පලතුරු මිලදී ගන්නට  පැමිණෙන අයට මේ ශාන්ත සුවිශේෂී පණිවිඩයක් ,  ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කරනවා.

ඔහු පවසන්නේ බොහෝ අය පලතුරු මිලදී ගන්න ඔහුගේ පළතුරු කඩේට   ආවහම, ඔවුන් බොහෝ දෙනෙක් වැඩිපුරම ඉල්ලන්නේ  අද  කන්න පුළුවන්  ඉදුන පලතුරු දෙන්න කියලලු. ඉතින් හැම දෙනාම මේ විදිහට ඉඳුණු පළතුරු ඉල්ලන්න ගත්තාහම,  පලතුරු වෙළෙන්දන්ට සිද්ධ වෙනවලු ,ඉදිලා නැති වුනත්  මිලදී ගන්න එන අයට කොහොමහරි ඉදුනු පලතුරු ලබා දෙන්න. මොකද එයාලා ඉල්ලන්නේ අද කෑමට ගන්න පුළුවන් ,ඉදුනු පළතුරුනේ. සමහර වෙලාවට පලතුරු වෙළෙන්දෝ ගාව ස්වභාවිකව ඉදෙන්න ගබඩා කරලා තියෙන එක්කෝ අමු පලතුරු, නැත්නම් පැසුණු පලතුරු  ඉතා ඉක්මනින්ම ඉදවලා ගන්න මේ වෙළෙන්දෝ පෙළඹෙනවා.
ඉතින් ශාන්ත කියන විදිහට වෙළෙන්දුන්ට තමන් ළඟ තියෙන පළතුරු කොහොම හරි විකුණ ගන්න ඕන නිසා ඒ අමු සහ පැසුණු පලතුරු ඉතා ඉක්මනින්ම කෘතිම ක්‍රම මගින් හෝ ඉදවාගන්න මේ වෙළෙඳුන් පෙළඹෙනවා. ශාන්ත කියන විදිහට ඒකට වෙළඳුන්ට දොස් කියලා හරියන්නේ නෑ.  මොකද ඒ තත්වෙට වෙළඳුන්ව පත්කරන්නේ පළතුරු මිලදී ගන්ඩ එන අයමයි. ඉතිං සමහර වෙලාවට ශාන්ත කියන්නේ එහෙම අමු සහ පැසුණු පළතුරු ඉක්මනින්ම ඉදවන්න යොදන සමහර රසායනික ද්‍රව්‍ය ඒ කෘතිම ක්‍රමෝපායන් මිනිස් සිරුරට තදබල විදිහට අහිතකර වෙන්න පුළුවන්ලු.  සමහර වෙලාවට විවිධ ලෙඩ රෝග වගේ දේවල් ඇතිවෙන්න ඒවා හේතු සාධක  වෙන්නත් පුළුවන්ලු. විශේෂයෙන්ම කුඩා දරුවන්ට සහ ගර්භනී මව්වරුන්ට පලතුරු ආහාරයට ලබා දීමේදී ඉතාම සැලකිලිමත් විය යුතුයි  කියලයි  ශාන්ත නම් කියන්නේ.

ඉතින් ඔහු පලතුරු ආහරයට ගන්න සහ ඒවා මිලදී ගන්න එන අයගෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි පලතුරු ගන්න එන අය කඩේ තියෙන අමු පලතුරු එහෙම නැත්නම් පැසුනු පලතුරු මිලදී ගෙන යනවා නම් ඒක දින 03 ක් ,04 ක් ගියහාම ඒ පලතුරු ගෙදරදීම ස්වභාවිකවම ඉදෙනවා. එතකොට අපිට කිසිදු සැකයක් නැතිව ඒ පලතුරු ආහාරයට ගන්න පුළුවන් වෙනවා. ආයේ එවැනි පලතුරු  ඉදවන්න කිසිදු රසායනික දෙයක් භාවිතා කරලා නැති බව අපි හොදාකාරවම දන්න නිසා, අපට ඒවා කුඩා දරුවන්ට පවා බියක් සැකක් නැතිව දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කිසිදු අවස්ථාවක වෙලෙන්ඳුන්ගෙන් ඉදුනු පලතුරු එහෙම නැත්නම් අද කන්න පුළුවන් පලතුරු දෙන්න කියලා ඉල්ලන්න යන්න එපා. වෙලෙඳුන්ව රසයනික දේවල් දාලා පලතුරු ඉදවන තත්වයට පොලඹවන්න එපා  තියලත් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒක ඔබේ යහපත් ශරීර සෞඛ්‍යට ද හේතු වෙයි කියලයි මම නම් හිතන්නේ.