කුකුල් මස් බාබකියු කල පුද්ගලයෙක් මරුට..

0
90
කුකුල් මස් බාබකියු කිරීමේදී පිටවූ විශ දුමක් ආග්‍රහණය කිරීම නිසා එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. මේ පුවත වාර්ථා වන්නේ නුවරඑලිය ප්‍රදේශයෙන්.පොලීසිය පවසන පරිදි එම ප්‍රදේශයේ නවාතැන් පලක කාමරයක් තුල මේ පිරිස විසින් බාබකියු දමා ඇති අතර එහිදී මේ සිදුවීම සිදුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නිට්ටඹුව ප්‍රෙද්ශයේ පදිංචි 39 හැවිරිදි පුද්ලලයෙකු බවයි පොලීසිය පවසන්නේ. මොවුන් පසුගිය සිකුරාදා දින (ජනවාරි 13) නුවරඑලියට විනෝද චාරිකාවක් පැමිණ ඇති අතර ඔහුන් හාවා එළිය ප්‍රදේශයේ නවාතැන් පලක ලැගුම් ගෙන තිබෙනවා. තන්ගේ කාමරයෙන් පිටත කුකුල් මස් බාබකියු කරමින් සිටි ඔවුන් පසුව කාමරයේ ඇති සීතල අඩුතර ගැනීමේ අරමුණින් බාබකියු දැමීමට භාවිතා කරන උදුන කාමරයට ගෙනවිත් තියාගෙන නින්දට ගොස් ඇති අතර එහිදී මේ විශ දුම ආග්‍රහණය වී තිබෙනවා.
මේ පිරිස පසුදින සවස් වන තුරුත් කාමරයෙන් පිටතට නොපැමිණිම නිසා මෙම ලැගුම්හලේ හිමිකරු විසින් කාමරය විවෘත තර ඇති අතර එහිදී මොවුන් සිහිසුන්ව කාමරයේ සිටිනු දැක ඇති අතර වහාම ඔවුන් රෝහල් ලත කිරීමට කටයුුතු තර තිබෙනවා.
bbq
www.dailymirror.lk ඇසුරිණි.