කුඩම්මාගේ සැලකිළි ලබන දුම්රිය මාර්ග පරීක්ෂකවරු

0
233

sri-lanka-railways-test-runs-on-the-omanthai-kilinochchi-rail-track-3(15.59pm)ඔබ  නිතර  රැකියාවට   හෝ  වෙනත්  ගමනක්   යනවිට   අතරමගදී  යම්  දෝෂයක් නිසා    ඔබ  ගමන්  කරමින්  සිටින   දුම්රිය  නතර  වුවහොත්   නැවත  එය  ගමන්  කරවීමට    සහ  දුම්රියක්  ධාවනය  වන  අතරතුර  එය  ගමන්  කරන රේල්පීලි  පිරික්ෂා  බැලීමට  පිරිසක්  නිතර  සූදානමින්  සිටී.   මෙම  කටයුතු  සිදුකෙරෙන්නේ  ස්ථිර  මාර්ග  පරීක්ෂකවරුන්ගේ    මෙහෙයවීම  යටතේය. ඔවුන් දුම්රියක්   ධාවනය  වූ  පසු  යම්  දෝෂයක්  සිදුවී  නම්  ඒවා  නිවැරදි  කර සකස්  කරයි.
උදාහරණයක්  ලෙස රාගම  සිට  බෝලවත්ත  දක්වා   සැ. 3ක්  හෝ  3  ½  ක  පමණ  දුර  පිරික්සීමට  එක්  අයෙකු  බැගින් කොටස්  7කට  බෙදා
7දෙනෙකු  සිටී.  එසේම   සේවාමුර  3ක්  යටතේ  එක්  ගේට්ටුවකට  තුන්දෙනෙක්   සිටිය  යුතුය. ඒ  අනුව  ගේට්ටු  11කට  33ක්  සිටිය  යුතුය.  නමුත්
සිටින්නේ  10කි.  මෙම  නඩත්තු  කටයුතු  සදහා  සිටින  අය  විශ්‍රාම  ගිය විට  අළුතෙන්  අය  බදවා  ගැනීමක්  නැත.  සිටින  පිරිස  කොතෙක්  අඩුවුවද
එම  පිරිස  විසින්  අදාල  සියළු  කටයුතු  කළයුතුය.  එමෙන්ම  මාර්ගවල වෙනස්වීම්  අනුව  තවතවත්    වැඩ  එකතුවේ. උදාහරණයක්  ලෙස  මේවනවිට
කටුනායක  ආයෝජන  ප්‍රවර්ධන  කලාපයේ  සැතපුමක  දුරක්  අළුතින්  එකතුවී ඇත.  බරපතල  පිළිසකර  කිරීමකදී   ඒඒ  අංශ වල  සිටින  සියළු  දෙනාවම
සහභාගී  කරගනිමින්  අදාල  කටයුත්ත   කළ  යුතුව  ඇත.

මීගමුවේ  ස්ථිර  මාර්ග  පරීක්ෂක   කාර්්‍යාලයට  ආතනයකට  ලැබියයුතු  පහසුකම්  නැත. දුරකතන  පහසුකම්  නැත.  තේ  හැදීමේ සිට  මෙම  කාර්්‍යාලයේ  වෙනත්  කටයුතු  සදහාද  සිටින්නේ  එක්  අයෙකි. සමහර  අයට  අවුරුදු  25ක්  සේවය  කර  ඇතත්   උසස්වීම්  නැත.  රේල්පාරේ කටයුතු  කරන   සේවකයින්   අව්ව  ,  වැස්ස  රෑ  දවාල  මේ  කිසිවක්   නොබලා  වැඩ  කළ  යුතුය.  මන්ද  මෙම  රැකියාව  තුළ  එවැනි  අවධානමක්  ගැබ්වී ඇති  බැවිනි.  කිසිවෙකුට  මගහැර  සිටිය  නොහැක.  සමහර විට   මූත්‍රා   කිරීමටවත්  ඉඩක්  නැත.

මෙවැනි  ප්‍රශ්ණ  රාශියක්  තිබියදී    මේ  පිළිබඳව  සොයා  බැලීමට  කිසි වගකිවයුත්තෙකු  ඉදිරිපත්  නොවීමේ  ගැටළුවක්  මෙහි  පවතින  බව
පැහැදිළිය.  මගීන්ගේ   ජීවිත  කෙරෙහි  සෘජුවම  බලපාන  වැඩ  කොටසක නියැලෙන  මෙම   ආයතනයේ   අවම  පහසුකම්  හෝ  සැලසීමට  මැදිහත්  වන්නේනම්
එය   ඔවුන්  දිරිමත් වීමට  හේතුවක්  වන  අතර  එය  ප්‍රධාන  ප්‍රවාහන සේවාවක්  වන  දුම්රිය  ප්‍රවාහන  සේවාවට  කරන  යහපතක්  වනු  ඇත.